අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන්ගේ දේහය අද අස්ගිරි මහා විහාරයට!

Date:

කොළඹ LNW:අස්ගිරි පාර්ශවයේ අනුනායක අපවත්වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ දේහය අද පස්වරු 04.00ට අස්ගිරි මහා විහාරීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

එම දේහය මේ වන විට කටුගස්තොට, ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ තැම්පත් කොට තිබේ. උන්වහන්සේට අවසන් ගෞරව දැක්විම සඳහා
ගිහි පැවිදි විශාල පිරිසක් මේ වන විටත් විහාරස්ථානය කරා පැමිණෙමින් සිටියි.

දේහය අස්ගිරි මහා විහාරයට වැඩම කොට එහි අනුස්මරණ ශාලාවේ තැන්පත් කිරීමෙන් පසු අවසන් කටයුතු සඳහා ජූලි මස 24 වන දින අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය කරා වැඩම කිරීම සිදුවේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...