අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන්ගේ දේහය අද අස්ගිරි මහා විහාරයට!

Date:

කොළඹ LNW:අස්ගිරි පාර්ශවයේ අනුනායක අපවත්වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ දේහය අද පස්වරු 04.00ට අස්ගිරි මහා විහාරීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

එම දේහය මේ වන විට කටුගස්තොට, ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ තැම්පත් කොට තිබේ. උන්වහන්සේට අවසන් ගෞරව දැක්විම සඳහා
ගිහි පැවිදි විශාල පිරිසක් මේ වන විටත් විහාරස්ථානය කරා පැමිණෙමින් සිටියි.

දේහය අස්ගිරි මහා විහාරයට වැඩම කොට එහි අනුස්මරණ ශාලාවේ තැන්පත් කිරීමෙන් පසු අවසන් කටයුතු සඳහා ජූලි මස 24 වන දින අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය කරා වැඩම කිරීම සිදුවේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...