වනජීවී ක්ෂේත්‍රයම අර්බුදයක – රටටම ඉන්නේ පශු වෛද්‍යවරු 12යි!

Date:

කොළඹ LNW:මේ වන විට මුළු රටටම පශු වෛද්‍යවරු සිටින්නේ දෙළොස් දෙනෙක් පමණක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අලි ඇතුන්ට පමණක් නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන සියලුම සතුන්ට ප්‍රතිකාර කිරීමට සිටින්නේ එම වෛද්‍යවරු 12 දෙනා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 දෙනයි. ඒ දොළොස් දෙනා තමයි අලින්ට විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන සියලු වනජීවීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්නේ ඒ දොළොස් දෙනා. වෙන රටක ගත්තොත් පශු වෛද්‍යවරයෙකුට ඔහුට ඇසිස්ටන් කෙනෙක් ඉන්නවා.හෙදියකගේ මට්ටමේ වෛද්‍ය සහයකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඔහුට තාක්ෂණික ශිල්පියෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඇතුන් හසුරුවා ගැනීම සඳහා ඇත්ගොව්වෙක් හෝ ඒ වෙනුවෙන් වෙන්වුණ වනජීවී නිලධාරියෙක් ඉන්න ඕනේ. නමුත් අපේ රටේ ඉන්න මේ වෛද්‍යවරු 12ට එහෙම හෙදියක්,ඇසිස්ටන් කෙනෙක් නෑ. තාක්ෂණික ශිල්පියෙක් නෑ. ඇත් ගොව්වෙක් හෝ ඒ වෙනුවෙන් වෙන් වුණ වනජීවී නිලධාරියෙක් නෑ. ජූලි මාසේ 10 වෙනිදා වෙනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ රට පුර විසිරි සිටින වෛද්‍යවරු 12 දෙනාට වෙඩි තබන ලද ඇතුන් 09 දෙනෙකුට ප්‍රතිකාර කරන්න තිබුණා. ඒ ගණන ජූලි 15 වෙනිදා වෙනකොට දින පහක් ඇතුළත ඒ ගණන 13ක් දක්වා වැඩිකළා.”

විශේෂයෙන් අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමේදී පශු වෛද්‍යවරුන්ට මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙන අතර මෙම කතා බහ අලුත් වුණේ පසුගියදා වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා මිය යාමේ සිද්ධියත් සමඟිනි.

ඒ අනුව මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම ප්‍රමුඛ කාරණයක් ලෙස පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...