ජනාධිපති කාර්යාලය අසලට හමුදාව එවයි. අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් !

0
1083

අද (22) අළුයම 1.30 ට පමණ හමුදා සාමාජිකයින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින ජනාධිපති කාර්යාලය අසල ප්‍රදේශයට එවා ඇති බව වාර්තා වේ.

මෙහිදී උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර හමුදා සාමාජිකයින් විසින් අරගලකරුවන්ට පහරදී ඇති බවත් වාර්තා විය.

බීබීසී සේවයේ මාධ්‍යවේදියෙකු ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද හමුදා ප්‍රහාරයට ලක්ව ඇති අතර නීතීඥ නුවන් බෝපගේ ඇතුළු අරගලකරුවන් පිරිසක් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

එම ප්‍රදේශයට ඇතුළු වන මාර්ග සියල්ල ද ආරක්ෂ අංශ විසින් මාර්ග බාධක යොදා වසා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.