ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපති කාර්යාලය අසල ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේදී පුද්ගලයින් පිරිසකට පහරදී ඇති බවටත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවටත් තමන්ට තොරතුරු ලැබී ඇති බවයි සාලිය පීරිස් මහතා සඳහන් කරන්නේ.

බලධාරීන් විසින් සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළයුතු අතර අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩකාරීව බලය පාවිච්චි කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිකර ලෙස බලපානු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...