දෙවිනුවර, ගන්දර ප්රදේශයේ නිවසකට අද (22) අලුයම වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
මෝටර්රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.


