‘Godzilla’ චිත්‍රපටවල Jia ලෙස ප්‍රසිද්ධියට පත් නිළි Kaylee Hottle රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙයි!

සටහන – පුලී

ජූලි 21, LNW (කොළඹ): ‘Godzilla vs. Kong’ සහ ‘Godzilla x Kong: The New Empire’ චිත්‍රපටවල Jia චරිතය නිරූපණය කරමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් ශ්‍රවන ආබාධිත රංඟනශිල්පිනී Kaylee Hottle අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ පියා Joshua Hottle මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, අඟහරුවාදා අලුයම ඇමරිකාවේ Maryland ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් තම දියණිය මියගිය බවයි. අනතුරෙන් පසු රෝහල වෙත රැගෙන යන අතරතුර ඇයගේ හෘද ස්පන්දනය නතර වූ බවද ඔහු සඳහන් කර තිබේ.  

Joshua Hottle, සංඥා භාෂාවෙන් (ASL) පැවැත්වූ සජීවී විකාශයකදී, ටෙක්සාස් සිට Maryland වෙත ගොස් දියණියගේ දේහය භාර ගැනීමට සිදු වූ බවද සංවේගයෙන් ප්‍රකාශ කළේය.

ඇට්ලන්ටා නගරයේ උපත ලැබූ Kaylee Hottle බහු පරම්පරා බිහිරි පවුලක සාමාජිකාවකි. වයස අවුරුදු 9දී ශ්‍රවණ අපහසුතා ඇති ප්‍රජාව අතර ජනප්‍රිය Glide වීඩියෝ පණිවිඩ යෙදුම සඳහා ප්‍රචාරක දැන්වීමකින් ඇය රංගන දිවිය ආරම්භ කළාය. ඉන් අනතුරුව ‘Godzilla’ චිත්‍රපට මාලාවේ Jia චරිතය හරහා ඇය ජාත්‍යන්තර ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තාය.

ඇයගේ අකල් වියෝව සිනමා ලෝකයටම හද කම්පා කරවන පුවතක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...