එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය පුත්තලමටත් ගොඩගහලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය තවමත් නතර වී නොමැති බවත් පසුගිය දිනක පුත්තලම වෙරළ තීරයට ග්‍රීස් සහ තවත් ද්‍රව්‍ය රාශියක් ගොඩ ගසා ඇති බවත් බොහෝ දෙනකු එය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුදුරට එක් වූ ද්‍රව්‍ය දැයි සැක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.

මේ ව්‍යසනය සම්බන්ධ සියලු හානි ගණනය කර ඇත්තේ මීගමුවේ සිට පානදුර දක්වා වූ වෙරළ තීරයට වුවත් ඊට වඩා හානි සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇති ආයතන ඇත්තේ විවිධ විවිධ අමාත්‍යාංශ යටතේ බවත් පරිසර ඇමතිවරයා මේ කිසිවක් නොදන්නා බවත් අධිකරණ අමාත්‍යාංශය නීතිමය කටයුතු පමණක් සිදු කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියලු ආයතන එකට එකතු කර මෙම ව්‍යවසනයෙන් සිදු වූ සමස්ත හානිය ගණනය කරන ලෙස යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...