තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවට

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මහත්මිය වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (ජුලි 21) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.

තානාපතිවරියව ‍උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

අමාත්‍ය තෙන්නකෝන් සහ Sekercioglu මහත්මිය අතර පැවති මෙම හමුවේදී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් – මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...