පොලිස් වෙසින් පෙනී සිටිමින් කොල්ල කෑම් සිදුකළ 10ක් අත් අඩංගුවට

Date:

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා දේපළ කොල්ල කෑමේ සිද්ධි රැසකට සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකු හොරණ, පොකුණුවිට ප්‍රදේශයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල කොල්ල කෑම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත් අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගෙන ඇති අතර සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කොල්ලකන ලද ත්‍රීරෝද රථ 02ක්, යතුරුපැදි 06ක්, රත්‍රන් ගුලි 03ක්, කඩු 02ක්, මන්නා පිහියක් සහ ‘පොලිස්’ නම සටහන් කරන ලද ටී ෂර්ට් සහ ජැකට් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...