ජනාධිපතිවරණයට මුදල් ප්‍රතිපාදන ගණනයක්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති වික්‍රමසිංහ මහතා  මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙසයි.

ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවමින් ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් ජනාධිපතිවරයා  උපදෙස් දී ඇත.

අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති අතර ,ඉදිරි ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් අදාල ඇස්තමේන්තු සකස් කොට ඉක්මනින්ම මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බව එහිදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට පවසා ඇත.රජයේ ආරංචි මාර්ග පවසන්නේ, ජනාධිපතිවරණය ලබන වසරේ මුල දී පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

තොරතුරු Theleader ඇසුරිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින්...

ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර...