රනිල් මෙච්චරකල් අල්ලාගෙන හිටියෙ UNP නායකත්වය විතරයි. ඒ විදියට ජනාධිපතිකම අල්ලන් ඉන්න බෑ – මරික්කාර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් උත්සාහ කරමින් සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම 2019 දී එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින් කළ දේ වෙනත් පක්ෂයක් තුළ සිදුකිරීමට බවත් එවැන්නක් සිදුකළ නොහැකි බව ඒ මහතාට නොතේරෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“එයාගෙ තියරිය කන්ෆියුස් තියරි එක. මට පේන විදියට අන්තිමට වෙන්නෙ, ඔය කන්ෆියුස් තියරි එක පාවිච්චි කරන් ගිහිල්ලා අන්තිමට යූඑන්පී එකේ නායකත්වයත් නැතිවෙයි වගේ. මොකද මෙච්චරකල් අල්ලන් හිටියෙ යූඑන්පී නායකත්වය විතරයි. ඒ විදියට ජනාධිපතිකම අල්ලන් ඉන්න බෑනෙ. යූඑන්පී නායකත්වයත් නැතිවෙනවා …

දැන් අපි 2019 දී කරපු එක තමයි මෙතුමා කරන්න හදන්නෙ. 2019 අපි පක්ෂය ඇතුළෙ ඉඳන් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකත්වයට ගේන්න ඕනෙ කියලා කැම්පේන් එක කළේ. ඒ, පක්ෂය ඇතුළෙ බහුතරයකගේ මතය ක්‍රියාත්මක කරන්න. දැන් මෙතුමා අපි පක්ෂය ඇතුළෙ කරපු දේ වෙන පක්ෂයක් ඇතුළෙ කරන්න හදනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඒක තේරෙන්නෙ නෑ එතුමාට”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...