*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

කොළඹ අවසන් ප්‍රභූවරයා ….

ගෝඨාබය රාජපක්ෂ මහත්මය සිය ජනාධිපති ධූරයේ බලය අතහැරියට පස්සේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට වැඩබාර ගත්තේ රනිල් වික්‍රමසිංහ. ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක. වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක. අලි සබ්‍රි නිවැරදි නම් අනික් හැමෝම ලංකාව ලෙබනනයක් දිහාවට යයි ඒ නිසා මේ වෙලාවේ මේ ගින්දරට පනින්නේ නැතුව ඉම්මු කියල කිව්ව වෙලාවක.

නමුත් ඒ මහා ගිණි ජාලාව එක්ක මේ රට රනිල් භාරගත්ත. ඒ වෙන කිසිම සාමාන්‍ය වෙලාවක එයාට ලැබෙන්න තියා හිතන්නවත් බැරි දෙයක්. සාමාන්‍යයෙන් රට දුවන වෙලාවක නම් ජොලියටත් කොල්ලෝ බැණ බැණ ඉන්න කෙනෙක් තමයි රනිල් කියන්නේ.

නමුත් කලිසම ඉණ පල්ලේ වැටෙන නිසා ඒක උස්ස උස්ස හිටපු මේ නාකියා (දැන්නම් නාකියා කියන්නේ ආදරේට) ඒ වගකීම ගත්ත. මේ වයෝවෘද්ධ ප්‍රභූ නාකියා අර නීට් එකට ඇඳුම අඳින ”කොල්ලෝ” කරන්න පස්ස ගැහුව වැඩක් කරන්න ඉස්සරහට ආව.

ඒකෙ ප්‍රථිපලයක් හැටියට අපි යන්තම් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. ඒ ගැන කියන්නේ එපමණයි.

තාමත් හරියටම අර්තකථනය කරන්න බැරි සහ වචනයට නගන්න බැරි 1978ට පස්සේ මේ විවෘත ආර්ථික ක්‍රමය වඩා ප්‍රශස්ත විදියට කරන්න පුළුවන් කෙනෙක් හැටියට මට රනිල් ගැන තිබ්බ විශ්වාසය මේ ‘අටවාගත්ත’ කියන අවුරුදු දෙකට එයා යම් දුරකට ප්‍රායෝගිකකරණය කරලා පෙන්නුවා. ඒ නිසා 2010 රාවයට මම ලියපු රනිල් ගැන ළිපිය (රනිල්: ලාංකික ප්‍රභූත්ව දේශපාලනයේ අවසානය) සහ තවත් ලිපි සහ ෆේස්බුක් සටහන් ගණනාවකට සාධාරණයක් මේ නාකි ප්‍රභු දේශපාලඥයා කළා.

පොහොට්ටුව එක්ක දේශපාලන කරපු ගොඩක් අයට ඒ මහා අර්බුදය එක්ක තවදුරටත් ගෙවල්වල ඉන්න බැරිවුණා. පාරේ බැහැල යන්න බැරිවුණා. කොටින්ම මහා අරාජක බවක් එක්ක දේශපාලනය කියන වචනයම බංකොලොත් උණා. ඇත්තටම දේශපාලනයක් නැතුව ගියා. දේශපාලනය කළා කියන එක මරණීය දෙයක් උණා.

ඒකයි පොහොට්ටුවේ ගොඩක් අය රනිල් සම්බන්දයෙන් යම් කෘතවේදී බවක් දක්වන්නේ. ඒක එයාල කරන්නේ බොක්කෙන්. එයාල දන්නවා ගමනේ අමාරුව. මම ආස නැති පොහොට්ටු දේශපාලනඥයෙක් ඊයේ පෙරේදා මෙහෙම කිව්වා. රනිල් මේ රට පාලනය කරන්න තිබ්බේ මීට අවුරුදු හතළිහකට කලින්…රනිල් විරෝධී කඳවුරක ඉඳල දැන් රනිල් එක්ක වැඩකරනකොට එයාලට දැනෙන හැඟීම තමයි ඒ.

ගොඩක් පොහොට්ටුවේ ඇමතිවරු රෙදි බැනියම් ගලවල දැන් අඳින්නේ ටයි කෝට්. ඇත්තටම රනිල් පොහොට්ටුකරණය උනාට වඩා වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගොඩක් අය රනිල්කරණය වීම.

කොහොම උනත් එතන ඉඳන් අද දවස වෙනකල් ගත්තම රට යම් ආකාරයකට ඔළුව උස්සමින් තියනවා. තව යන්න තියන දුර ගොඩයි. හැබැයි ලංකාවේ තිස් වසරක යුද්දය අවසන් වීම එක්ක මහින්ද රාජපක්ෂගේ නම ඉතිහාස ගතවෙන්නේ යම්සේද එසේම මේ රට බංකොලොත් බවින් මුදාගත්ත හෝ ඒ අර්බුදයට ශරීරය දුන්න දේශපාලඥයා හැටියට රනිල් නම් අවසන් කොළඹ ප්‍රභූවරයා ඉතිහාසගත වෙනවා….

ඇත්තටම ඔහු එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි ලංකාවේ ලොකුම මැතිවරණ ජන සන්නිපාතය වෙච්ච 69 ලක්ෂෙටත් සාධාරණයක් කළා. ඒ කියන්නේ ලංකාවටම සාධාරණයක් කළා.

ඒ නිසා මම කෙදිනක හෝ ඔහු වෙනුවෙන් ලියපු මොකක් හෝ වචනයක් වෙනුවෙන් සතුටක් හිතේ තියනවා. ඒ ඇති.

අවසන් කොළඹ ප්‍රභූවරයා කියන වචනේ ණයට ගත්තේ The Last Samurai දිහා බලල.

69 ලක්ෂය සහ රනිල් ගැන මේ මොහොතේ මගේ අදහස දැනගන්න ඕනිනම් මේ වීඩියෝවත් බලන්න. ඩේට යනවා කියල හිතෙනවා නම් බලන්න එපා.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan