කේ.සුජීවා ගැන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පසුගිය 8 වන දින එම අදාළ ස්ථානයට පැමිණි අවස්ථාවේ වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා රෝහලෙන් පිටව ගොස් තිබේ.

අදාළ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියේ ය.

එහිදි ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, කේ. සූජීවාගේ සැත්කම් කිහිපයකින් අනතුරුව මුදල් ගෙවා ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ප්‍රතිකාර ලැබු අතර මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...