*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ගෘහස්ථ වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ලිට්රෝ නව බෙදාහැරීමේ පර්යන්තයක්

කහවත්ත, පල්ලෙබැද්ද, ගොඩකවෙල, සංඛපාල, ඇඹිලිපිටිය, උඩවලව සහ සූරියකන්ද යන ප්‍රධාන නගර මූලික කරගනිමින් ලිට්රෝ ගෑස් සමාගමේ නව බෙදාහැරීමේ පර්යන්තයක් විවෘත කෙරුණා.

ඒ පසුගිය 17වනදා ගොඩකවෙල ප්‍රදේශයේදී.

එම ප්‍රදේශවල මුළු ජනගහනය 318,315ක් වන අතර නිවාස සංඛ්‍යාව 79,579ක් පිහිටා තිබෙනවා.

මෙම නව පර්යන්තය ස්ථාපනය කර ඇත්තේ ලිට්රෝ ගෑස් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන මුදිත පීරිස් මහතාගේ දැක්මකට අනුවයි.

නව පර්යන්තය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනක පතිරත්න මහතාගේ (අධ්‍යක්ෂක – විකුණුම් සහ අලෙවි /ආයතනික සම්බන්ධතා ලිට්රෝ ගෑස් ලංකා සමාගම) ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අදාළ නව පර්යන්තය විවෘත කිරීමේ මුලික අරමුණ එම ප්‍රදේශවල ජීවත්වන පවුල්වල ජනතාව දර භාවිතය අවම කර ,දර භාවිතය නිසා සිදුවන ගෘහස්ථ වායූ දූෂණය අවම කිරීම බවයි ඔවුන් පවසන්නේ.

එසේම ඒ තුළින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමේ හැකියාව ලැබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා.

ඊට අමතරව කුඩා පරිමාණයෙන් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින්ට අතහිත දීම සහ ඒ තුළින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමද ඔවුන්ගේ අරමුණු අතර වනවා.

ගොඩකවෙල ප්‍රදේශයේ නව බෙදාහැරීමේ පර්යන්තය විවෘත කරන අවස්ථාවේ ගර්භනී කාන්තාවන් සඳහා වියළි ආහාර ඇසුරුම්, පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව සිලින්ඩර ඇසුරුම් ලබාදීම සිදුකෙරුණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan