“Ozzy Osbourne (Prince of Darkness)” අන්ධකාරයට ආවඬයි!

Date:

සටහන – පුලී

ජූලි 22, කොළඹ (LNW): Black Sabbath හි ගායක Ozzy Osbourne වයස අවුරුදු 76 පසුකරමින් සිටිය දී මිය ගිය බව ඔහුගේ පවුලේ අය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගේ ආදරණීය ඕසි ඔස්බෝන් අද උදෑසන මිය ගිය බව වාර්තා කිරීමට සිදුවීම වචනවලට පෙරළීම වඩාත් දුකක් මෙන්ම ඔහු තම පවුලේ අය සමඟ ආදරයෙන් සිටි බවත්, මේ අවස්ථාවේ ඔවුන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔවුන් සැමගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වීය.

ඔහු 2019 වසරේ සිට පාකින්සන් රෝගයට ගොඳුරුව සිටි බව හඳුනාගෙන තිබුණි.

Black Sabbath හි ප්‍රමුඛයා ලෙස සිය ගායන කෞශල්‍යයන් දැක්වූ ඔහු හෙවි මෙටල් දර්ශනයේ ඉදිරියෙන්ම සිටියේය. එය හාඩ් රොක් සංගීතයෙහි ගැඹුරත්වය ඉස්මතු කරන්නක් විය.

එම කාලය තුළ ඔහු “අන්ධකාරයේ කුමාරයා” යන අන්වර්ථ නාමය භාවිතා කළේ ඔහුගේ අනන්‍යතාව විඳහා දැක්වීමටය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...