නිශ්මං රණසිංහ ජූලි 23, කොළඹ LNW:
ක්‍රීඩාව වගේම ඊට එහා ගිය දැණුමද අතිශයින් ක්‍රීඩා පරිපාලනයට වැදගත්ය.සමහර ක්‍රීඩාවන් හී දක්ෂයන් දක්ෂතා දැක්වීමෙන් ඉනික්බිති විශ්‍රාම ගැනීමෙන් පසුව පුහුණුවට හෝ පරිපාලනයට තමන්ට සුදුසුකම් ඇති බව විශ්වාස කරන බව අපි දැක ඇත්තෙමු.ඒ නිසා ඔවුන් තමන් තරම් ක්‍රීඩාවේ නියැලීම තුළ ප්‍රායෝගික දක්ෂතා නොදැක්වූ අයගෙන් පුහුණුව හෝ ක්‍රීඩා කළමණාකරනය හෝ ක්‍රීඩා අලෙවිකරණය වැනි විෂයන් ගැන උගනින්නට නොයයි.එය මදිකමක් බව සිතයි.ඒත් ඇත්තම කතාව ක්‍රීඩා පුුහුණුකරුවා සහ ක්‍රීඩකයා යනු හාත්පස වෙනස් දෙදෙනෙකි.ක්‍රීඩකයා නොවන වෙනත් භූමිකාවකට යොමු වන්නේනම් ඒ සම්බන්ධ හැදෑරීමක් අවශ්‍යය වන්නේය.
මේ කුමන කේෂ්ත්‍රයකට මැදිහත් වෙන්නත් ක්‍රීඩාව ගැන අප්‍රමාන ආදරයක් බැදීමක් තිබිය යුතුය.මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක මැවුණු ප්‍රවෘත්ති ඇතුළත මතු වුණ සොඳුරු මිනිසෙකුගේ දැක්ම ප්‍රායෝගිකය ක්‍රීඩාව පවතින ලාංකේය පොළවට බැඳෙන හැටි අපි ප්‍රවෘත්ති මාධ්‍යවලින් දුටුවෙමු.
ඔහු වෛද්‍ය ලාල් ඒකනායකය.මේ ලියුම්කරුම තැබූ නම අනුව ඔහු අද වන විට ක්‍රීඩාව ඇතුළත වඩාත් ප්‍රකට දොස්තර හොඳ හිත ලෙසය.
ඔහු තුළින් ක්‍රිඩාව හා සම්බන්ධව වැඩ කිරීමේදී දැකපු හොඳම දේ ක්‍රීඩා රසිකත්වය.ජයගැනීමේ උවමනාව සහිත හැඟීම නිසා ඔහු ක්‍රීඩාව සිඳුවන භූමියක වෘත්තිමය කාරණා අකුරටම ඉටු කරන අතරේම රටේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමය දෙන පුරවැසි රසිකයෙක්ය.ඇතැම් විට කොඩිය ඔහු අතේය.දොස්තර මහත්තයා නිසා එය වැදගත් යැයි පිළිගැනෙන ක්‍රමයකට අත ගුලි කරගෙන හෝ නමාගෙන බැරෑරුම් ලෙස තරගය දෙස බලා ඉන්නෙකු නොවේය.ඒ කොඩිය ලෙල දෙන්නේය.කමෝන් ශ්‍රී ලංකා යනුවෙන් හෝ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුගේ නම හයියෙන් මුවෙන් එළියට එන්නේය.
ඔහු වෛද්‍ය විද්‍යාවෙන් දෙන ප්‍රතිකාර උපදේශ පමණක් ජයග්‍රහණයට මදි බව දන්නෙක්ය.සමහර විට සම්ප්‍රදායික සමාජය විසින් ක්‍රීඩකයන්ගේ ඔළුවලට කා වද්දා ඇති බොහෝ දේ ගැන ඔහුට ඉව ඇත්තේය.ඔහුගේ පවුල් පසුබිම මෙන්ම සමාජ පසුබිම ද ඒවාට හේතුය.අනිත් වැදගත් කාරණය දේශපාලනික අවබෝධය සහ භාවිතයේ ඇති මානුෂික දයාව සහ ආදරයය.
වරෙක බංගලාදේශයේ දී ලංකාවේ රන් පදක්කමක් වෙනුවෙන් ඔහු කළ මැතුරමක් නිරන්තරයෙන් සිහියට නැඟෙයි.පැනීමේ ඉසව්වක්ය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාව පදක්කමකට සුදුසු දස්කමක් දක්වා නැත.ඇයගේ අවසාන උත්සාහය එයය.ඉන්දියාව නියෝජනය කරන්නිය ආසියානු මට්ටමෙන් ජය ගත් ක්‍රීඩිකාවක්ය.ඔහුගේ මැතුරුමේ හවුල්කරු මම වූයෙමි.ඔහු මොනවා ද මුමුණයි.ක්‍රීඩිකාව ඒ මොනවද කරන්නෙ අයියේ යැයි මගෙන් විමසයි.
“කිසි දෙයකට බය වෙන්න එපා.උඹට දුවන්නත් පුළුවන්නෙ හොඳට.හයියෙන් දුවලා අල්ලපං.දිනන්න පුළුවන්.ඩොක්ටර් උඹට මතුරනවා.“
මම ක්‍රීඩිකාවට කීවෙමි.
“ඩොක්ටර් මතුරනවා?“
ඇයගේ සිතේ ප්‍රශ්නාර්තය වචන වී පැන්නාය.
“ඔව්,මාතරනේ ඩොක්ටර් වුණාට ඒ වැඩ හොඳට දන්නවා“
මම තව දුරටත් තහවුරු කර කීවෙමි.
ඇයට අවශ්‍යය හරිම කතාව කිව්වෙ මා ය.ඇය එසේ වේගයෙන් දුවා ගන්න පිම්ම නොනිල පිම්මක් වීමේ අවදානම ද ඇත.එහෙත් ඒ වන විට ද පදක්කමක් නැති නිසා අමුතුවෙන් වෙන්නට දෙයක් නැත.එහෙත් වැරදියට කිසිවක් සිඳු නොවිණ.ඉන්දීය ක්‍රීඩිකාවද අභිබවමින් රන් පදක්කම ලංකාවට විය.දොස්තර හොඳහිත එහිදී භාවිතයට ගත්තේ ජන විඥාණය පිළිබඳව ඔහුගේ අත්දැකීම් ක්‍රීඩිකාවගේ මනස ජයග්‍රහණයේ විහ්වාසය සහ උවමනාව වෙනුවෙන් මෙහෙයවීමට අවශ්‍යය ප්‍රතිකර්මයක්මය.
ඛෙත්තාරාමය විවෘතයේදී පළමු පන්දුව යැවූ,අවාසනාවකට ආබාධයක් නිසා ශ්‍රී ලංකාව නියෝජනයට ඉඩ ඇහිරුණ මහින්ද ඒකනායක දොස්තර හොඳ හිතගේ අයියා ය.මල්ලි ද ක්‍රීඩා ක්‍රිහිපයක් කළ අතර අදටත් පුහුණුකරුවෙකු ලෙස වැඩ කරන වයි.කේ.කුලරත්න ගුරු කොට මලල ක්‍රීඩාවේ නියැලි දක්ෂ ධාවකයෙක්ය.ඔහු ද ආබාධ නිසා ක්‍රීඩාව අතරමඟ හැර නොගියානම් අද,දොස්තර හොඳ හිත පමණක් නොව දුවන දොස්තර ද,නැතිනම් දුවපු දොස්තර ද වෙන්න තිබිණ.
ඒකනායකලාගේ පවුලේ දෙන්නෙක්ටම රට වෙනුවෙන් ලෝකය ඉදිරියේ නම තබන්නට ානහැකි වන්නට ප්‍රධානම බාධාව වුණේ ආබාධව තිබියදී ලාල් ඒකනායක ආබාධවලට ප්‍රතිකාර කරන දොස්තර කෙනෙකු වීම අපූරු කතාවක් නොවේද?
“අපිට තිබුණෙත් නැහැ ඔච්චර පහසුකම් අපි දුවලා දිනුවෙ පැනලා දිනුවෙ“ වගෙ කතා කියන හිටපු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇමතිවරුනගේ තුරුල්ලට වැටුණු පසුව හැසිරෙන කතා ගැන අපි බොහෝ දේ අසා ඇත්තෙමු.මේවා ඕනිම කේෂ්ත්‍රයක සිඳුවන ඇහෙන සුලබ දේ ය.එසේ බැලූ විට ලාල් ඒකනායකටත් අපිට නොතිබුණු එවා මුංට මොකටද වගේ කතාවක් ඔව්වේ පුරවාගෙන තනතුරේ වැටුප් වරප්‍රසාද ගෙන ඉන්න තිබිණ.තනතුර කිවේ ඔහු කාලයක සිට ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයෙකු ලෙස වැඩ කර අද වන විට එහි අධ්‍යක්ෂ ජෙනරාල් ය.
ඔහු එහෙත් සම්ප්‍රදායිකව අලුත් පරපුරට තමන්ට නොලැබෙන දේ ලැබෙන එක ගැන කුහකකමින් නොතැවෙන අලුත් මිනිසෙක්ය.ඊට හේතුව ආදරය පිරුණ සමාජ හැඟීමකින් පොහොසත් වුණ දේශපාලන භාවිතයය.ක්‍රීඩාව ගැන තියෙන ප්‍රායෝගික දැණුමය.එහි තමන්ට නොලැබුණ පසුබිම, වටපිටාව පුළුවන් උපරිම යහපත් ආකාරයට ඊ ළඟ පරපුරට ලබා දීමට පුරුදු පුහුණු කළ ආකල්මය පදනමය.ක්‍රීඩාව ගැන වෛද්‍ය විද්‍යාව ගැන පමණක් නොවන සමාජය යහපත් කිරීමට අවශ්‍යය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජීවිතයේ භාවිතාවන් තුළින් උපයාගත් දැණුමය.දැක්මය.
ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ මුල් පුටුවට ඔහු ආ දින සිට වෙනත් ක්‍රීඩාව සහ වෛද්‍ය විද්‍යාව සමඟ සබැඳි ආයතන තෙක් දැණුම සෙවීමේ සහ සහය ලැබීමේ අටියෙන් වෘත්තිමය වශයෙන් දිගු කර බැදුණු දෑත් ක්‍රීඩාවට සවියක්ය.එහි ප්‍රතිපලයක් ලෙස දැන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ මෙන්ම ක්‍රීඩාවට සහය ගත හැකි විශ්ව විද්‍යාල පීඨ බොහොමයක් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය සමඟ එක පෙළට සිටගෙන ඇත.
මේ දිනවල නිතර ප්‍රවෘත්ති මැවුණේ ජීව විද්‍යාත්මක තාක්ෂණික පසුබිමක් ස්ථාවර වීම ගැන ය.ක්‍රීඩකයාගේ කාර්ය සාධනය පිළිබඳ වඩාත් ජීව විද්‍යාත්මක කියවීමක් සමඟින් ආබාධ සුවපත් කිරීමටම පමණක් නොව හැකියාවන් වර්ධනය පිණිසඳ විද්‍යාත්මක පදනමක සිට ක්‍රීඩකයාව කියවා ගැනීමට හැකි පරිසරයක් මේ අනුව නිර්මාණය වී ඇත.
මේවා වැදගත්ය.වැදගත්ම වෛද්‍ය ලාල් ඒකනායකව පරිපාලනයේදී මෙතරම් ක්‍රීඩාවේ උවමනාවන් ගැන අවබෝධයෙන් වැඩ කරන්නේ කෙසේද යන්න කියවා ගැනීමය.ඔහුගේ සමාජ සබඳතා පහළ සිට ඉහළටත් – ඉහළ සිය පහළටත් කැටයම් සේ ජීවිතය විචිත්‍ර කරන ඒවාය.ඒවා දේශපාලනය – ක්‍රීඩාව සහ වෛද්‍ය විද්‍යාව යන කාරණාවලින් කැපී ඔප වැටී ආ විට සැකසෙන හැඩ අපූරුය.මනරම්ය.මේ මනරම් බව අතැර ඔහු මෙයින් යන දිනයක් එනු ඇත.සමහර විට නික්ම ගිය පසු ඒ ජයග්‍රහණ වෙනුවෙන් තමන්ගේ අතින් කොඩිය ඔසවා සමරන්නට බලා සිටින අයද සිතා සිටින අය ද සිටිය හැකිය.එහෙත් දවසක සියල්ල එක මිටට බැඳ ගෙන මිතුරෙකු ලෙස ද,පාළකයෙකු ලෙස ද,හිතවතෙකු ලෙස ද දොස්තර හොඳහිත කරගෙන ගිය සහෘද මෙහෙයවීම ගැන අපට අමතක කරන්නට නොහැකි වනු ඇත.තව බොහෝ දේ කළ හැකි මිනිසෙකු ලෙස ඔහුට මේ ධූරයෙන් යාමට නොදී උපරිම කාලය රඳවා ගැනීම ක්‍රීඩාවට ආශිර්වාදයක් වනු ඇත.
ඔහු ඔහුගේ ක්‍රීඩාව ගැන කීවේය.ඒත් සමාජගත වූ කතාවේ කොතැනකවත් වයස ගැන කියවෙනු ඇසුණේ නැත.ඒ නිසා ඔහුට තව කාලයක් ඒ තාරුණ්‍යය නොමැකුණු සිරුර සමඟ වැඩ කරන්නට ඉඩ තිබෙනවා විය යුතුය.එහෙත් මා යෝජනා කරන්නේ එයින් මතුවට ද මෙවැනි දුලබ මානවයන්ගේ සේවය අත් නොහැර රටකට ගැනීම කෙරෙහි පාළකයන් අවබෝධයෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවය.
