නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර පාසලටත් එයි!

Date:

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් පද්ධතිය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (23)අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

ඒ අනුව නිශ්චිත නව විෂය මාලාවක් යටතේ පෙර පාසල් පද්ධතිය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් වන අතර ඊට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

මේ වන විට පෙර පාසැල විෂය නිර්දේශය සකස් කිරීම සඳහා නිර්දේශ රාමුවකට අනුමැතිය ලැබී තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා මහතා ඒ බව සඳහන් කරමින් පැවසුවේ එම නිර්දේශිත රාමුවට අනුව විෂය මාලාව සකස් කරමින් සිටින බවයි.

කෙසේවෙතත් මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳ සමාජය තුළ විශාල කතා බහක් ගොඩනැගී තිබෙන අතර ඊට අදාළව හෙට (24) විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ද පැවැත්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...