අලි ඇතුන්ට වෙඩි තබන අය අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන්න: වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

වර්තමානය වන විට, අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන්නැයි  වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපි යොමු කර ඇත. ඒ, සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල මියගොස් ඇති වන අලි සිව්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලමිනි.

මෙම තත්ත්වය දිඟින් දිගටම සිදුවන බව වාර්තා වන බැවින් විශේෂ විම්ර්ශනයක් සිදුකර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...