මීළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

අද (23) දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර ඇති භව වාර්තා වේ.

පසුගියදා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන අතර, මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළ අයෙකි. ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඒ මහතා ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙද කටයුතු කළ අතර, වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...