*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

බැසිල් – THE MAN – ඇටමැස්සා

මිනිස්සු වැටෙති.

ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති.

බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.

සමහර මිනිස්සු මොළය ඇතිව උපදිති.

ජන්දදායකයන් වන අප බොහෝ විට උපදින්නේ මොළය නැතුව ය.

තියෙන මොළයෙනුත් වැඩ ගන්නට පුලුවන් අය ඇත්තන් ද එහෙමටම නැත.

තම මොළයෙන් 100% ක කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්නා මිනිසුන් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙනි.

තියෙන මොළයෙන් 200% ක කාර්‍යක්ෂමතාවයකින් වැඩ ගන්නා මිනිසකු මෙලොව වෙසෙයි නම් ඒ, බැසිල් රාජපක්ෂ පමණක් විය යුතුය .

90 දශකය මුල් භාගයේ බැසිල් සේවය කළේ බම්බලපිටිය ‍යුනිටි ප්ලාසා හි පිහිටි ජපන් සමාගමක උපදේශකයකු ලෙසිනි.

ජපන්නු එදවස ද ජපන් යෙන්වලින් පඩි ගෙව්වේ බැසිල්ට නොව බැසිල් ගේ මොළයටය.

මහින්ද රාජපක්ෂ 1988 මහ මැතිවරණයට සැරසෙන විට බැසිල් අත ඔහුම සැකසූ A4 ප්‍රමාණයේ පොතක් විය.

එහි වූයේ අබලන් ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානවල පාරවල් පිළිසකර කරන අන්දම ඇස්තමේන්තු ද සහිතවය.

ඒ ඇතැම් මාර්ගයක් පිළිසකර කළ විට කනත්තට යන දුර අඩු වූයේ කිලෝමීටර් වලිනි.

ජන්ද වැටෙන්නේ දහස් ගණනිනි .

තම දිස්ත්‍රික්කය පිළිබදව හා ගැමියාගේ අවශ්‍යතා පිළිබදව බැසිල් තුල වූ අවබෝධය ට මෙය සරල උදාහරණයක් පමණි.

රනිල් 30 වතාවටත් වඩා වාර්තාගත වැඩි වාර ගණනක් පරාජයට පත් වුවත් කිසිම දිනෙක වගකීම බාර ගත්තේ නැත.

අවසානයේ ආසන බිංදුවට වැටුනත් රනිල් පරාජයේ වගකීම බාර ගැනීමට සූදානම් නැත.

ඒ අතින් ගත් කල බැසිල් යනු ගෞරවාන්විත මිනිසෙකි.

ඔහු තනිවම පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගිය මිනිසෙකි.

ඔහු පරාජයේ වගකීම තනිවම බාර ගත්තා පමණක් නොව වසරක් තුල නව පක්ෂයක් පිහිටුවා සිදුවූ වරද ජයග්‍රාහී ලෙස නිවැරැදි කළේ රටේ ප්‍රධානම පක්ෂ දෙක බිමටම වට්ටවමිනි.

 පරාජයේ තනි වගකීම බැසිල් ගත්තද 2015 පරාජයට උරුමකරුවෝ බොහෝ සිටිති.

කොටි ත්‍රස්තවාදීන්‍ පරාජය කළද මර්වින් සිල්වා වැනි තක්කඩියෙක් පාලනය කරගැනීමට අසමත් වීම එම පරාජයේ ප්‍රධාන සාධකයකි.

දුමින්ද සිල්වා සිද්ධියෙන් ද එවක රජය අනා ගත්තේ මධ්‍යස්ථ ජන්දදායකයන් විපක්ෂය වෙත ආකර්ෂණය කරවමිනි 

අද ඇමැති නාමල් හැසිරෙන විදියට එදා තරුණ නාමල් හැසිරුණේ නම් එම පරාජය තවත් අවම කරගත හැකිව තිබුණි.

මහින්දට ළං වූ සියල්ලම මහින්දට ඇති ආදරයට ළං වූ අයම නොවේ.

(2015 ජනවාරි 8 හැන්දෑවේත් මහින්ද ගේ හැලියේ බත් කකා සිටි සමහරුන් ජනවාරි 9 පාන්දර මෛත්‍රී ළග සිටියේ එබැවිනි.)

රටේ ප්‍රථම පුරවැසියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගේ සිට සුපර් මාකට්වලින් ගෙදරට බඩු ඇදගෙන ජනාධිපතිතුමා හමුවීමට වේලාවන් ලබාදුන් නිලධාරියා දක්වා මේ පරාජයට වගකිව යුතු විය. 

තම හිතවතුන් ට උසස්වීම් දෙන විට රාජ්‍ය සේවකයින් කළකිරීම වැළැක්වීමට නොහැකිය .

රාජ්‍ය සේවකයින් කළකිරෙන විට එය තැපැල් ජන්දවලට බලපෑම වැළැක්වීමට නොහැකිය .

අවසානයේ මේ සියල්ලේ වගකීම දරාගත්තෙ බැසිල් ය.

‘අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා හිටං’ යැයි මෛත්‍රී කියද්දී බැසිල් බය වුනේ නැත.

ඔහු අලුත් පක්ෂයක් බිහිකිරීමේ අභියෝගය බාර ගත්තා පමණක් නොව එය අතිශය ජයග්‍රාහී විලාශයෙන් නිමා කළේය .

අද බැසිල් නිර්මාණය කළ පක්ෂය ජය පැන් බොයි.

මෛත්‍රී ඇවිදියි.

මෙහිදී තවත් යමක් කිව යුතුය .

ඒ, මතු දවස නායකත්වයට සූදානම් වන නාමල් ටය.

නාමල් ට බැසිල් බාප්පා ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත. 

විශේෂයෙන්ම නාමල් වටා සිටින සෙන් තෝමස් කාරයන්ට බැසිල් ගේ කෙස් ගහක තරම් වත් දේශපාලන විඥානයක් නැති බව වටහා ගත් දාට නාමල්ගේ ඉදිරිය වඩා පැහැදිලි වනු ඇත.

හැම විටම බැසිල් වටා හොඳ කණ්ඩායමක් සිටී.

ඒ අතර අපතයන් කිහිප දෙනෙකු සිටී.

මින් සමහරුන් ප්‍රසෙන්ටේෂන් වලින් අන්දන්නන් ය.

ඔවුන් ට දැන්ම රෙඩ් ලයිට් දමාගෙන මේ ගමන ගියොත් බැසිල් ව නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

ලංකාවේ දේශපාලන පක්ෂ නහුතයක් තිබේ.

ඒවාට පක්ෂ නායකයින් නහුතයක් ද සිටී.

මේ නහුතයක් දේශපාලන පක්ෂවල නහුතයක් වූ නායකයින්  සිහිපත් කරගත යුතු එක කරුණක් ඇත.

එනම්, ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය.

(ඇටමැස්සා)

THE LEADER

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan