ගෝල්ෆේස් අරගලයට පහරදීම පිටුපස අලුත්ම සැකය! (VIDEO)

Date:

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් තිබියදි ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අරගලකරුවනට පහර දීම පිටුපස විශාල සැකයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ආරක්ෂක හමුදාවල නිල ඇඳුම් ඇඳගෙන වෙනත් බාහිර කණ්ඩායමක් විසින් එම පහර දීම සිදුකර තිබෙන බවට ජනතාව අතර සැකයක් මතුව තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මෙවැනි මැර ප්‍රහාර ඔස්සේ ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉහළට ඔසවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් යටපත්කිරීමට බව හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සමඟි ජන බලවේගය විසින් ඉල්ලා ඇති බවද අත්තනායක මහතා පැවසුවේය.

මේ අතර මෙම ප්‍රහාරය ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත පැමිණිලි කිරිමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ අනුව ජනාධිපතිවරයා පත් වී පැය 24ක් යාමට පෙර අපකීර්තිමත් පැල්ලමක් ලොවට මුදාහැරීමට කටයුතු කර තිබුණු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...