සීෂෙල්ස් ක්‍රිඩිකාවන්ගේ ජය ගමණ හරස් කිරීමේ උත්සාහය අද

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සිෂෙල්ස් ක්‍රීඩකයින්ට වඩා ඉදිරියෙන් සිටිමින් සිය රිද්මය පවත්වාගෙන යාමට සමත් වුණත් සීෂෙල්ස් කාන්තා කණ්ඩායමේ ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකාවේ සහභාගි වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් අද අවසාන මොහොතේදී ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම මුණ ගැසීමට නියමිතය.කලෙකට පසුව ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමට ලැබුණු ආසියාතික තරග අත්දැකීමත්,එහිදී දැක් වූ දක්ෂතාත් සැළකිල්ලට ගැනීමේදි අද තරගය සීෂෙල්ස් කාන්තා කණ්ඩායමට විශාල අභියෝගයක් වන්නට ඉඩ ඇත.

නිවැරදි ඉලක්කය,උපායශීලීත්වය සහ ප්‍රහාරයන්හී ජවසම්පන්නකම සමඟ පිටියට පිවිසෙන සීෂෙල්ස් කණ්ඩායම නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ යුද හමුදා කාන්තා කණ්ඩායම අතින් යම් පරික්ෂාවකට ලක් වුණ ද,එම පරික්ෂාවන්හී ප්‍රතිපලය ජයග්‍රහණය කරා රැඟෙන යාමට නොහැකි විය.නමුත් ඊයේ යුද හමුදා කණ්ඩායමේ ප්‍රහාරයන්හි ප්‍රවේගයට පිළිතුරු ලෙස තරගයේ රිද්මය වෙනම තලයක පවත්වා ගෙන යාමට සීෂෙල්ස් ක්‍රීඩිකාවෝ පියවර ගත් අතර ඒ අනුව යුද හමුදා කාන්තා කණ්ඩායමට එරෙහිව වට 3 – 1 ලෙස වූ ජයග්‍රහණය සඳහා ස්ථානෝචිතව සීෂෙල්ස් කණ්ඩායම තරගයට මුහුණ දුන් ආකාරය බෙහෙවින් ඉවහල් විය.

තෙවන වටය ලකුණු 25 – 18 ක් ලෙස ජය ගනිමින් සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව යුද හමුදා කාන්තා කණ්ඩායම තරගයට අවතීර්ණ වන්නට ගත් උත්සාහය ශක්තිමත් ප්‍රහාරවලින් මැඩලීමට වඩා සිව්වන වටයේ දී සීෂෙල්ස් ක්‍රීඩිකාවන් උත්සාහ කළේ යුද හමුදා ක්‍රිඩීකාවන් තුළ පවතින හිස් තැන් ආවරණය වන පරිදි ලකුණු ලබා ගැනීමය.ඒ අනුව දැඩි ප්‍රහාරයකට වඩා ස්ථානෝචිතව හැසිරුණු ඔවුන් සිව්වන වටය ලකුණු 25 – 23 ක් ලෙස ජය ගැනීමට සමත් විය.පළමු සහ දෙවන වට දෙකම සීෂෙල්ස් කණ්ඩායම 25 – 218 සහ 25-16 ලෙස ජය ගෙන සිටිය බැවින් කරගට වට 3-1 ලෙස ජය ගනිමින් සිය අපරාජිත තත්ත්වය රැක ගැනීමට සීෂෙල්ස් කණ්ඩායමට හැකි විය.

සීෂෙල්ස් පිරිමි කණ්ඩායමට යුද හමුදාවට එරෙහිව ද ජයග්‍රහණය අපහසු කාරණයක් විය.විශේෂයෙන් පිරිමි ක්‍රීඩකයන් කුමන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළ ද ක්‍රිඩිකාවන්ට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත වීම මේ තරගයේදී ද යුද හමුදාව විසින් ප්‍රදර්ශනය කළේය.ඒ නිසා සීෂෙල්ස් පිරිමි කණ්ඩායමට යුද හමුදා කණ්ඩායම ඉදිරියේදී 25-22,25-22 සහ 25-21 ලෙස අත් වූයේ වට 3-0 ක පරාජයක්ය.සීෂෙල්ස් කාන්තා කණ්ඩායම මෙරටින් පිටව යාමට පෙර යම් අභියෝගයකට ලක් කිරීමේ අවස්ථාව උරගා බැලීම අද සවස සුගතදාස ක්‍රිඩාංගණයේදී සිදු වීමට නියමිතය.නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉදිරියේ පමණක් දැඩි අභියෝගයකට මුහුණ දුන් සීෂෙල්ස් කණ්ඩායම අද දවසේ ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම කුමන ආකාරයෙන් පිළිගනීද යන්න ශ්‍රී ලංකාවේ වොලිබෝල්වලට අතිශයින් වැදගත් වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...