විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයිද ?

Date:

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) අහෝසි කරනවා කියල පැනික් නිව්ස් එකක් යනවා. ඒක ගැන ඒ තරම් කලබල වෙන්න ඕනි නැහැ. මොකද ඒක උසස් අධ්‍යාපනය සංවර්ධන කිරීම ගැන සොයාබලන්න පත්කළ විශේෂ තේරීම් කාරක සභාවක් කරන ලද නිර්දේශයක් විතරයි.

මෙතැනදී වෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන ආයතනය අහෝසි කරල ඒ වෙනුවට “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම. ඕක තමයි නිර්දේශය.

ඒකෙ තියන වැදගත් දේ තමයි දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල පමණක් ආවරණය කරන විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මිට පස්සේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන (Non-state) සහ වෘත්තීය අධ්‍යාපන (Vocational) ක්ෂේත්‍ර වගේම ඒ සියළුම උසස් අධ්‍යාපන ආයතන වල පාඨමාලා තත්ත්ව සහතික සහ ප්‍රමිතිකරණය (accreditation and standardization) යන අංශත් ආවරණය කිරීමට බලාපොරොත්තු වීම. මේවායින් බොහොමයක් දැනටත් කරන්නේ කොමිසම උනාට මේ සියලු අංශ ආවරණය කරන සහ සොයාබලන එක ආයතනයක් තිබීම හොඳයි.

කොහොම උනත් දැනට විශ්ව විද්‍යාලවල තියන ස්වාධීන බවට මින් හානියක් වෙන බවක් නම් පෙනෙන්නේ නැහැ. දැනටත් කොමිසමේ සභාපති, උප සභාපති, සාමාජිකයින් වගේම විශ්ව විද්‍යාල උපකුලපතිවරු පත්කරන්නෙත් ජනාධිපතිවරයා.

මට නම් හිතෙන්නේ මේ යෝජනා තව දුරටත් ඉස්සරහට යන්න ඕනි කියල. විශේෂයෙන් අපේ විශ්ව විද්‍යාලවල සීමාසහිතව උණත් සිද්ද වෙන පර්යේෂණ වගේ දේවල් සෘජුව වෙළදපළට ගේන කාර්යක්‍ෂම ක්‍රමවේදයක් හදන්න ඕනි. ජපානය, කොරියාව, සහ ඉන්දියාව මේ දේවල් වලින් ඉස්සරහට ඇවිල්ල තියනවා. කලා උපාධියේ පවා ගොඩක් තියනවා වෙළඳපළකරණය/වාණිජකරණය කරන්න පුළුවන් අංග.

මම කියන්නේ ලාභ හොයන්න දුවන්න ඕනි කියන එක නෙවේ. නිර්මාණයක් ලෝකයට ගෙනියන්න සහ ඒ නිර්මාණය තිරසාර කරන්න (sustain) පුළුවන් විදියක් හොයාගන්න ඕනි කියන එක. පේටන්ට් එකක් ගන්න, කොපිරයිට් එකක් ගන්න අපි දැනගන්න ඕනි.

අනික තමයි අපේ ඉස්සරහ ඉන්න අයිය මේ වෙනකොට උසස් අධ්‍යාපනය කලාපීයකරණය කිරීමේ වැඩකට අතගහල තියනවා. ඉන්දියාව එයාලගේ සිස්ටම් එක කලාපීය විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයක් (Regional Higher Education Hub) හැටියට ප්‍රවර්ධනය කරන තත්වයක් ඇතුලේ ලංකාවේ ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල මීට වඩා ඉස්සරහට එන්න ඕනි.

විශේෂයෙන් සෑහෙන පමණ තරඟකාරී සහ ගුණාත්මක මට්ටමක ලාංකික උසස් අධ්‍යාපනය තියන හින්ද අපිට ඉන්දියාව එක්ක යම් තරඟයක් දෙන්නත් පුළුවන් වෙයි. හැබැයි ප්‍රවර්ධනය නම් එකෙන්ම තියෙන්න වෙයි අවම පහසුකම් තියන ආසියාවට ළමයි ගෙන්න ගන්න.

ආර්ථික වශයෙන් අසීරු අඩියක ඉන්න මේ වෙලාවේ ලංකාවේ උසස් අධ්‍යාපනය කලාපීයකරණය (regionalization) සහ අන්තර්ජාතිකකරණය (internationalization) වීම ආර්ථිකයේ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙත් නිම්වළලු පුළුල්වීමක් වෙන්න පුළුවන්.

ඉතිං හැම වෙලාවේම අර්බුදයක් විසින් අපිට බලකරනවා අලුත් අලුත් දේවල් ගැන හිතන්න සහ ඒ ගැන ක්‍රියාකරන්න.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...