රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න බෑ – ඇමති ෂෙහාන්

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන කාරණය අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය එම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අනුමැතිය ලබාදීම සිදුකරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවලා ඒ ඒකකයේ නිලධාරීන් මේ වෙනකොට ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසුම ක්‍රමවේදය පිළිබඳ අධ්‍යනය කරනවා සහ සාකච්ඡා කරනවා අනෙකුත් රාජ්‍ය ආයතන සමග. ඉතින් අපි රටක් හැටියට ඉදිරියට යනවා නම් අපිට තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නට මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමක් සිදුකරන්න බැහැ. අනික, දෙවන කාරණය තමයි අනාගතයේ ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් පරිදි රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ හැම ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳවම පාර්ලිමේන්තුව දැනුවත් කරනවා”

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...