ඖෂධ කීපයක් භාවිතයෙන් ඉවතට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් චක්‍රලේඛය නිකුත් කරමින් මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබුණු අතර එහිදී අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හදුනාගෙන ඇති බව පැවසේ.

එබැවින් වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙන්නේ, අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පවසන්නේ , කෙසේවෙතත් අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවත් ප්‍රමාණවත් තරම් ඖෂධ රෝහල් තුළ පවතින බවත්ය .

තවද , සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ ප්‍රතිකාර සදහා භාවිත කරන ඒ.වී ෆිස්ටුලා නැමැති විශේෂ කැනියුලා වර්ගයේ ප්‍රමිතියෙන් තොර කොටසක් භාවිතයෙන් ඉවත් කිරීමටද තීරණය කර ඇති අතර ,අදාළ කැනියුලා වර්ගයේ කාණ්ඩ කිහිපයක කාන්දුවීම් පවතින බවට හඳුනා ගැනීමත් සමඟ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් වගකිවයුත්තන් දැනුවත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...