කළු ජූලියට වසර 40ක්!

Date:

83,කළු ජූලියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් බෙදන්නට ඉඩ නොදෙමු!
එක්ව අපි පියාඹමු!!

යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය මෙහෙයවීමෙන් සහෝදරත්වයේ පා ගමන ලෙස නම් කල පා ගමනක් සහ සංස්කෘතික ප්‍රසංගයක් අද(23) දින සවස කොළඹ විහාරමහාදේවි එලිමහන් රංගපීඨය අසලදී පැවැත්විනි.

1983,ජූලි කලබල සමයේදී මිය ගිය සහ විපතට පත් වූවන් සිහි කිරීම පිණිස මෙම වැඩසටහන සංවිධානය කොට තිබුනි.

අද සවස දෙකට කොළඹ හයිඩ් පිටියෙන් පා ගමන ආරම්භ වීමට නියමිතව තිබියදී පොලීසිය විසින් පා ගමනට අවසර ලබා දිය නොහැකි බව දැනුම් දීමත්සමග පිරිස කණ්ඩායම් ලෙස ලිප්ටන් වට රවුම් දක්වා ගොස් එම ස්තානයේ විරෝධතා ව්‍යපාරයක් පවත්වා පා ගමනින් ප්‍රසංගය පැවැත්වෙන ස්තානය දක්වා ගමන් කිරීමට උත්සහ කල අතර පොලීසිය විසින් අතර මගදී ජල ප්‍රහාර එල්ල කොට පා ගමන විසිරුවා හරින ලදී.

ස්තාන කීපයකදී ජල ප්‍රහාර එල්ල කලත් පිරිස වෙනත් මාර්ග වලින් ප්‍රසංගය පැවැත්වෙන ස්තානයට පැමිණි අතර එහිදී නියමිත පරිදි රැලිය සහ ප්‍රසංගයපැවැත්විනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/581/SYU%20protest%20remembering%20Black%20July

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…? කියවන්න අකමැතිනම් අහලම බලන්න..

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...