*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

මගේ ගෙදරට ගිනිතියන්න ආපු 6ක් දැනටත් මැරිලා. අපට ගැහුවොත් පොලියත් එක්ක ගෙවන්න වෙයි – ප්‍රසන්න

තම නිවස ගිනිතැබීමට පැමිණි අය අතරින් 6 දෙනෙකුම මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔවුන්ට සොබාදහම විසින් දඬුවම් ලබාදෙමින් පවතින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

“පසුගිය සමයේ රට තුළ ඇති වුනු අරගලය සමග අපි යම් පසුබෑමකට ලක්වුණා. අරගලයත් සමග 69 ලක්ෂයක් ගත්ත අපේ ජනාධිපතිවරයා අස්වුණා. තුනෙන් දෙකක බලයක් තිබුනු අපේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අස්වුනා. අපේ ගෙවල් ගිනි තිබ්බා. අපිට හිරිහැර කලා. නමුත් දැන් අපි ශක්තිමත් වී තිබෙනවා.

මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කවදාවත්ම දොස් කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයෙන් රට බේරා ගෙන රටට විශාල ශක්තියක් ලබා දුන්නා වගේම, කොවිඩ් වසංගතයෙන් රටත් අපේ ජනතාවත් බේරා ගත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා. ලෝක ආර්ථිකය, ස්වභාවික විපත්, කොරෝනා වසංගතය වැනි හේතු සමග අපේ රටේ ආර්ථිකයත් කඩාගෙන වැටුණා.

ජේවිපි එක කියන්නේ මිනීමරු සංස්කෘතියක් තියෙන පක්ෂයක්. මිනිස්සු මරන පක්ෂයක්. අරගලය වෙලේ වැඩිපුරම ගෙවල් ගිනි තියලා හානියක් කලේ ගම්පහට. එකෙනුත් වැඩිම හානිය කලේ මිනුවන්ගොඩට. අපේ ගෙවල් 13 ක් ගිනි තිබ්බා. පොහොට්ටුවේ බලය බිදින්නයි අපිට ගැහුවේ. අපි මීට වඩා අමාරු කාලවලට මුහුණ දුන්නා. මේවා අපිට අභියෝග නෙමෙයි. අරගලයේ අයට ගහන එක වැඩක් නෙමෙයි අපිට. නමුත් අපි ඒ අයට ගහන්න යන්නේ නැහැ. මගේ ගෙදර ගිනි තියන්න ආපු අයගෙන් 6 දෙනෙක් අද වන විට මිය ගිහින්. ඒ අයට සොබාදහම දඩුවම් දෙනවා. අපි මිනී මරන පක්ෂයක් නෙමෙයි. අපි රටට වැඩක් කරපු පක්ෂයක්.

අපි ඉදිරි කාලය තුළ ගමට ගිහින් අපේ පක්ෂය සහ අපේ පාක්ෂිකයින් තව තවත් ශක්තිමත් කරනවා. අපේ පාක්ෂිකයින්ට මින් ඉදිරියට කරදර හිරිහැර කරන අයට ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං පැහැදිලිව කියනවා. මේක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. අවවාදයක් විදිහට ගන්නත් පුළුවන්. අද ජේවිපි රැල්ලක් නැහැ. අපි කාටවත් ඕනි විදිහට නටන්න සුදානම් නැහැ”

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති අත්තනගල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan