ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කෙරේ

0
271

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ඊයේ (23) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.