මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න හොඳටම ඇති.ජාති,ආගම්වාද අවුස්සන්න එපා – ගලගොඩඅත්තේ හිමිගෙන් කතෝලික සභාව ඉල්ලයි!

Date:

කොළඹ LNW:මේ වන විට රටේ පවතින ආර්ථික දේශපාලන කඩාවැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න ප්‍රමාණවත් වන හෙයින් ජාතිවාදය,ආගම්වාදය අවුස්සමින් රට තුළ අස්ථාවර බවක් ඇති නොකරන ලෙස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.

ඒ, අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශ මැතිවරණ සමයක දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන ප්‍රකාශද යන්න ප්‍රශ්නයක් පවතින බවයි සිරිල් ගාමිණි පියතුමා පැවසුවේ.

”ගලගොඩඅත්තේ හිමියන් කාදිනල් හිමියන් හමු වුණ එක ඇත්ත. නමුත් ඒ කියපු දේවල් පිළිගන්න බෑ. කාදිනල් හිමියන් මුණ ගැසුනට සහරාන් ගැනවත් කතෝලික අයට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන වත් කතාකළේ නෑ. ඒ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයි. මේ අසත්‍ය කරුණු මාධ්‍ය මගින් ගෙනයාමෙන් ජනතාව අතර ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. උන්වහන්සේ කියලා තියෙනවා මුස්ලිම් අන්තවාදයක් ගොඩනැගෙනවා කියලා නමුත් සහරාන් ගැන කියලා නෑ. මැතිවරණ කාලයක ඉන්න වෙලාවේ දේශපාලන අරමුණක් වෙනුවෙන් කියනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජාතිවාදය අවුස්සලා රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙන්න මේක හේතුවක් වෙන්න පුලුවන්. ගලගොඩඅත්තේ හිමියන්ට කියනවා මිනිසුන්ට මේ වෙලා තියෙන ප්‍රශ්න ටික ඇති කියලා. මිනිස්සු ආර්ථික,දේශපාලන වශයෙන් වැටිලා ඉන්නේ.ජාතිවාදය ආගම්වාදය වපුරන්න එපා.” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සදහන් කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...