ප්‍රංශ ජනපතිගේ තීරණය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එළඹෙන ඔලිම්පික් උළෙල අවසන් වන තුරු නව රජයක් නම් නොකරන බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් පවසන අතර, ඔලිම්පික් උළෙල අනිද්දා මධ්‍යම පැරිසියේ දී ආරම්භ වීමට නියමිතයි.

එය අගෝස්තු 11 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ එතෙක් නව රජයක් පිහිටුවීම ගැටළු ඇති කරන බවයි. මැතිවරණයෙන් පසු ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම වන වාමාංශික සන්ධානය අගමැති අපේක්ෂකයෙකු ලෙස ලුසී කැස්ටෙස් ඉදිරිපත් කළ අතර, ඉන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාලක මධ්‍යවාදී පක්ෂයට දැඩි පරාජයක් අත්වුණ අතර, අගමැති ගේබ්‍රියෙල් ඇටල් ද ඉල්ලා අස්විය.

එහෙත් නව රජයක් පත් කරන තුරු භාරකාර ආණ්ඩුවක ස්වරූපයෙන් සිටීමට ඔහු ඇතුළු පිරිස එකඟතාව පළ කළ අතර, ප්‍රංශ සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා ජාතික සභාවේ බහුතර බලයක් ලබා ගත හැකි අගමැතිවරයෙකු පත් කරනු ලබයි. එහෙත් මේ වනවිට කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිව නොමැති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...