සෞඛ්‍ය ඇමැතිත් හිරේ,අමාත්‍යාංශ ලේකමුත් හිරේ.පොලිස්පතිගේ නියෝගයෙත් අමුතු දෙයක් නැහැ – ඉඩෝරයට පොද වැස්සක්!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වැනි අයත් හිරේ සිටින පසුබිමක පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවීම අමුතු දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ගැන ජනතාවට විශ්වාසය බිඳ වැටී තිබුණා නම් එම විශ්වාසය නැවත තහවුරු කරගැනීමට අවස්ථා නිර්මාණය වෙමින් තිබෙන බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

”අපේ රටේ සෞඛ්‍ය ඇමති හිරේ ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හිරේ ඉන්නේ. පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවෙනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව,නීතිය පිළිබඳව යම් විශ්වාසයක් බිඳ වැටිලා තිබුණා නම් ඒ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් අවස්ථා තමයි මේ නිර්මාණය වෙන්නේ. අපිට පුද්ගලික මතයක ඉදිරිපත්කරන්න බැහැ මේ වෙලාවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගත්ත තීරණය සම්බන්ධව. පොලිස්පතිවරයාගේ භාවිතාව පිළිබඳ විවේචන පහුගිය කාලයේ තිබුණා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ යෝජනාව සම්මත කරන වෙලාවේ ඉතාම බරපතල අවිශ්වාසයන් සැකයන් සහ බෙදීම් ඇතිවුණා. ඒ නිසා ඒක නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා මේ හැම දෙයින්ම රටේ බිඳවට්ටපු ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ පිළිබඳව නැවත විශ්වසනීයත්වයක් ඇතිවෙමින් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය දවස්වල හයද පහද කියන ප්‍රශ්නයේදී දුන්න තීරණයත් මේ තීරණයත් අපි හිතන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම්කිසි අවිශ්වාසයක්,සැකයක් ඇතිවෙලා තිබෙන සමාජයකට අර ඉඩෝරයට පොද වැස්සක් වගේ වෙයි කියල” යනුවෙන් හදුන්නෙත්ති මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...