සෞඛ්‍ය ඇමැතිත් හිරේ,අමාත්‍යාංශ ලේකමුත් හිරේ.පොලිස්පතිගේ නියෝගයෙත් අමුතු දෙයක් නැහැ – ඉඩෝරයට පොද වැස්සක්!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වැනි අයත් හිරේ සිටින පසුබිමක පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවීම අමුතු දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ගැන ජනතාවට විශ්වාසය බිඳ වැටී තිබුණා නම් එම විශ්වාසය නැවත තහවුරු කරගැනීමට අවස්ථා නිර්මාණය වෙමින් තිබෙන බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

”අපේ රටේ සෞඛ්‍ය ඇමති හිරේ ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හිරේ ඉන්නේ. පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවෙනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව,නීතිය පිළිබඳව යම් විශ්වාසයක් බිඳ වැටිලා තිබුණා නම් ඒ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් අවස්ථා තමයි මේ නිර්මාණය වෙන්නේ. අපිට පුද්ගලික මතයක ඉදිරිපත්කරන්න බැහැ මේ වෙලාවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගත්ත තීරණය සම්බන්ධව. පොලිස්පතිවරයාගේ භාවිතාව පිළිබඳ විවේචන පහුගිය කාලයේ තිබුණා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ යෝජනාව සම්මත කරන වෙලාවේ ඉතාම බරපතල අවිශ්වාසයන් සැකයන් සහ බෙදීම් ඇතිවුණා. ඒ නිසා ඒක නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා මේ හැම දෙයින්ම රටේ බිඳවට්ටපු ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ පිළිබඳව නැවත විශ්වසනීයත්වයක් ඇතිවෙමින් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය දවස්වල හයද පහද කියන ප්‍රශ්නයේදී දුන්න තීරණයත් මේ තීරණයත් අපි හිතන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම්කිසි අවිශ්වාසයක්,සැකයක් ඇතිවෙලා තිබෙන සමාජයකට අර ඉඩෝරයට පොද වැස්සක් වගේ වෙයි කියල” යනුවෙන් හදුන්නෙත්ති මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...