බයිඩන්ගේ ප්‍රචාරක අරමුදල් පවරා ගත් බවට ට්‍රම්ප්ගෙන් හැරිස්ට එරෙහිව පැමිණිල්ලක්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජෝ බයිඩන්ගේ ප්‍රචාරක අරමුදල් පාලනය කිරීමට උප ජනාධිපති කමලා හැරිස්ටගේ නම ඇතුලත් කිරිමට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය විසින් ෆෙඩරල් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් ප්‍රචාරක ව්‍යාපාරයේ සාමාන්‍ය උපදේශක ඩේවිඩ් වැරින්ග්ටන් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර 2024 ජෝ බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඩොලර් මිලියන 91.5 ක අධික මුදලක් වෙනුවෙන් කමලා හැරිස්ගේ නම යෙදීම ෆෙඩරල් ප්‍රචාරක මූල්‍ය නීති උල්ලංඝණය කළ බවට මෙහිදී චෝදනා ගොනුකර ඇත. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහිදී ෆෙඩරල් මැතිවරණ කොමිසමින් ඉල්ලා තිබුණේ, බයිඩන්ගේ නමින් එකතු කළ මුදල් හැරිස්ගේ නමට මාරු කිරීම තහනම් කරන ලෙසත් මෙය එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත්ය.

මිට ප්‍රතිචාර වශයෙන් කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහන් කර තිබුණේ, බයිඩන් මැතිවරණ තරඟයෙන් ඉවත් වූ දින සිට පැය 36 තුළ ඔවුන් ඩොලර් මිලියන 100 ක පරිත්‍යාග එකතු කර ඇති බවත් මෙම පැමිණිලි පදනම් විරහිත බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය