ආසියාව පුරා මිලියන සංඛ්‍යාත ඇඟලුම් කම්කරුවන් සිය රැකියා සම්බන්ධයෙන් බියෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹීමට නැතහොත් තීරුබදු වලට මුහුණ දීමට අවසන් දිනය එළඹෙමින් පවතින හෙයින් ආසියාව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් සිය රැකියාවන් සම්බන්ධයෙන් බියෙන් පසුවෙමින් සිටියි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා අගෝස්තු 1 වන දින ආරම්භ වීමට නියමිත නව බදු පිළිබඳව කලාපයේ රටවල් කිහිපයකට මේ වන විට ලිඛිතවම දැනුම් දී ඇති අතර නව අනුපාත, අප්‍රේල් මාසයේදී යෝජනා කළ අනුපාතවලට වඩා අඩු වුවද අවධානම එලෙසම පවතියි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලිපි ලැබුණු ජාතීන් අතර කාම්බෝජය(36%) සහ ශ්‍රී ලංකාව(30%) වශයෙන් අපනයන වෙළඳපොළක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය මත දැඩි ලෙස රඳා පවතින අතර මෙම රටවල නිෂ්පාදනය කරන Nike, Levi’s , Lululemon සමාගම්වල ඇදුම් එක්සත් ජනපදයේ ඉහලම ජනප්‍රියතාවක් සහිත වෙළඳ නාම අතර වේ.

කාම්බෝජය, පසුගිය වසරේ එක්සත් ජනපදයට ඩොලර් බිලියන 3 කට වඩා වටිනා ඇඟලුම් අපනයනය කර ඇති අතර ශ්‍රීලංකාව සිය අපනයන හරහා ඩොලර් බිලියන 1.9 ක් උපයා ගැනීමට සමත්ව ඇත.

වියට්නාමයට අඩු තීරුබදු ලැබී තිබීමද මෙම රටවත් තව තවත් කරදරයක පටලවා ඇති අතර කාම්බෝජයේ දරිද්‍රතාවය සහ දුර්වල කම්කරු අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටවල් දෙකම තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කරමින් සිටියි.

දශක ගණනාවක් තිස්සේ, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපීය සංගමය සහ කැනඩාව විසින් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඔවුන්ගේ වෙළඳපොළෙන් යම් කොටසක් වෙන් කරන කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කළ අතර 2005 දී ක්‍රමයෙන් ඉවත් කරන ලද මෙම ක්‍රමය, දැඩි තරඟකාරිත්වයක් තිබියදීත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය සමෘද්ධිමත් වීමට උපකාරී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් රටවල් 33ක් වීසා ගාස්තුවලින් නිදහස් කෙරේ. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ...

හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ...

හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක්...

සියළු ව්‍යාපෘති කඩිනම් කරන්න – ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ...