කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා විෂයය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන අනිටා හිට්ච් ( Anita Hitch) මහත්මිය සහ නිලධාරීන් පිරිසක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
මෙහිදී නාවුල, ගලේවෙල සහ අංකන්ද ප්‍රදේශයන්හි ක්‍රියාත්මක ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පාසල් පෝෂණ ව්‍යාපෘතිය, ගෙවතු වගා ව්‍යාපෘතිය, ගෘහාශ්‍රිත බිත්තර නිෂ්පාදනය සඳහා කුකුළු ගොවිපල ව්‍යාපෘති ආදී වශයෙන් ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කරන ලදී.
මෙම ව්‍යාපෘති හරහා නිෂ්පාදනය කරන පෝෂණයෙන් පිරිපුන් එලවළු සහ බිත්තර රජය ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාසල් දරුවන් සඳහා දිවා ආහාර සැපයීමට යොදවනු ලබන බවද අවධාරණය විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, “දිළිඳුකම තුරන් හැරීමත්, පෝෂණයෙන් සම්පන්න ළමා පරපුරක් බිහි කිරීමත් වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ලෝක ආහාර වැඩසටහනෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය” බවයි.
ලෝක ආහාර වැඩසටහනේ ආධාර යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ආහාර සඳහා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ ගලේවෙල ප්‍රදේශයේ පන්නම්පිටිය වැව සහ සබැඳි ජලාශ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියද නිරීක්ෂණයට ලක්විය. මෙහිදී ජපන් ජබර ඉවත් කිරීම, මඩ සොරොව්ව පිරිසිදු කිරීම සහ ඇළ මාර්ග නවීකරණය කිරීම යන ක්‍රියාමාර්ග මඟින් ගොවි බිම් වෙත ජලය සැපයීමේ හැකියාව වැඩි දියුණු කර ඇත.


2025 වසරේ දී ලෝක ආහාර වැඩසටහන (World Food Programme) 2023 – 2027 පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මේ ප්‍රධාන උපායමාර්ගික නිමැවුම් හතරක් යටතේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දිගුකාලීන හා තිරසර විසඳුම් ලඟා කරගැනීමට ශ්‍රී ලංකාවට ආධාර සපයයි. කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මුලතිවු, මන්නාරම, වව්නියාව, අම්පාර, යාපනය, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, මඩකලපුව, මොණරාගල දිස්ත්‍රික්කයන් හි පාසල් ආහාර වැඩසටහන, ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන (Home-Grown School Feeding Programme), සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන පාසල් මුළුතැන්ගෙය ව්‍යාපෘතිය (Solar-School Kitchen Programme), සබලකෘත සහල් පෝෂණ වැඩසටහන (Fortified Rice Programme), ආහාර සඳහා යටිතල පහසුකම් සංවර්ධනය (Food for Asset), අනුවර්තනය සඳහා උපරිමතාව (Adapt4R) වැඩසටහන (Adaptation for Resilience Programme), ජාතික ත්‍රිපෝෂ වැඩසටහන ශක්තිමත් කිරීම (Strengthening National Thriposha Programme) දැනුම් කළමනාකරණය හා පදනම් තොරතුරු ජනනය (පර්යේෂණ හා සංවර්ධන) යන ප්‍රධාන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.


මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ති පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.
