ශ්‍රී ලංකාවෙ ආසියානු ක්‍රිකට් තීරණය ඉන්දියාව සමඟ එකගතාවයෙන් – බලය ශම්මිට පැවරෙයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 24, කොළඹ LNW:

ශ්‍රී ලංකාව අද දින පැවත්වෙන ආසියානු ක්‍රිකට් සම්මේලනයේ රැස්විමට සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇත්තේ ශම්මි සිල්වා විසින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඒ අනුව බොහෝ විට එම රැස්වීමට අවසාන මොහොතේ මාර්ගගත ක්‍රමය හරහා ඉන්දියාව එක්වීමට තීරණය කර තිබෙන නිසා ශ්‍රී ලංකාවට ඒ මාර්ගයම ගන්නට ඉඩ තිබෙනවා.
ඉන්දියානු ක්‍රිකට් පරිපාලනය සමඟ එකඟතාවයකට පැමිණ ඒ අනුව ක්‍රියා කරන්නට විධායක කමිටුවේ අනුමැතිය ශම්මි සිල්වා සභාපතිවරයාට පවරා ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.


සිවිල් වැසියන් 26 දෙනෙකුගේ ජීවිත බිලිගත් ඛේදජනක පහල්ගම් ප්‍රහාරයෙන් පසුව, පවතින භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් කළාපයේම සාමයට යම් බාධාවක් ඇති විය හැකි තත්ත්වයක් නිර්මාණය වූ අතර ඊට පකිස්තානයට එරෙහිව ප්‍රතිචාර දැක්විමට ඉන්දියාවද කටයුතු කළත්,පසුව අන්තර්ජාතික මැදිහත්වීම් මත යම් සමනය වීමක් පෙන්නුවද ඇත්තනම් ගිණි පුපුරු අළු යට සැඟවී තිබෙන බවය.


එවැනි තත්ත්වයක බංගලාදේශය සමඟ ද හිත් නොහොදවීමක් ඇති කරගෙන තිබෙන ඉන්දියාව එරට සංචාරය කිරීමද ක්‍රිකට් කණ්ඩායමට වාරණය කර කල් දමා තිබියදී පකිස්තාන ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියා මෙන්ම එම ආණ්ඩුවේ ඇමති ධූරයක් ද දරන ආසියානු ක්‍රිකට් සභාපති මොෂින් නක්වි ඉන්දියාව බංගලාදේශ රැස්වීම විරෝධය පෑම නොසළකා හැර සිටියා.එය ඔහුගේ ක්‍රිකට් පාලනයට වඩා ඔහු පෞද්ගලිකව කරන පක්ෂ දේශපාලනයට අනුව ගත් තීරණයක් බව සිතිය හැකියි.
වඩාත් මිත්‍රශිලී ගැටුම් නොමැති තැනකට යා යුතුව තිබුණත් පකිස්තානය නියෝජනය කරන සභාපතිවරයා එසේ සහභාගි නොවිමෙන් ආසියානු ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් හෝ වෙන හානිය නොසළකා හැර සිය දේශපාලන ස්ථාවරය තුළ ඉන්දියාව නොසළකා හිටින්නට උත්සාහ කළා.සෙසු රටවල් කිහිපයක් ද ඉන්දියානු තීරණයට එකඟ වෙමින් පොදු පක්ෂ දේශපාලන විරසකකම් නිසා රටක අනන්‍යතාවයට ක්‍රිකට් මුවාවෙන් කරන බලපෑමට විරුද්ධව ඉන්දියානු තීරණයට එකඟත්වය පළ කළා.ශ්‍රී ලංකාවද සිටියේ ඉන්දියාව සමඟයි.


එහෙත් එම තත්ත්වය තුළ ආසියාවේ ක්‍රිකට් පසුපසට යෑම වැළක්වීම පිණිස ඉන්දියාව අවසාන මොහොතේදී රජීව් ශුක්ලාව මාර්ගගත ක්‍රමයට මෙම රැස්විමට සහභාගි කරන්නට තීරණය කර තිබෙනවා.බොහෝ විට ශ්‍රී ලංකාව ද එම ක්‍රියා මාර්ගයම ඉන්දියානු එකඟත්වය ඇතුව සිඳු කරනු ඇතැයි සිතිය හැකියි.කෙසේ නමුත් ආසියානු රටවල මැද පෙරදිග රටවල් හැරුණු විට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළින්ම පවතින රටවල් ගත් විට වැඩි විශ්වාසයකින් සහ උපද්‍රවයකින් තොරව ක්‍රීඩා කිරීමට සුදුසු රට වන්නේ ශ්‍රී ලංකාවයි.ඒ නිසා මේ කළාපයේ නිතර ඇතිවන සිත් පළුඳුවීම් නිසා ඇති වන ගැටුම් සහ වාද සංවාද අතරේ සියල්ලන්ගේම විශ්වාසවන්තයා හැටියට ශ්‍රී ලංකාවට වැඩි ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් දිනා ගැනීමට අවස්ථාව තිබෙනවා.එය ක්‍රීඩාවෙන් රටට ආදායමක් ලැබෙන ආකාරයට කේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වන ක්‍රියාවක්.
ඒ නිසා මේ මොහොතේ ආසියානු ක්‍රිකට්වල හැසිරීම ගැන වඩාත් සංවේදීව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන නිසා ඉන්දියාව සමඟ ලනු ලබන මේ තීරණය වැදගත් වන්නේ ඉන්දියාවේ හවුල්කරුවෙකු වීමට වඩා කළාපයෙ ගැටුම්කාරී ත්ත්ත්වයන් හමුවේ නිර්පාක්ෂක වීමක්ද එහි දකින්නට ලැබෙන නිසයි.


මේ අතර බංගලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ඉල්ලීමට අනුව පහසුකම් සැපයීම හැරෙන්නට රට රටවල් බංගලාදේශය වෙත කැඳවා ගැනීමට බලපෑම් කිරීම හෝ ඉල්ලීම් කිරීම තමන්ගේ කාර්යයක් නොවන බවයි.කළාපයේ විශාල දේශපාලන ගැටුමකට මැදිහත්වීමේ සහ මේ මොහොතේ බංගලාදේශය සමඟ ඉන්දියාවේ විරසකවීම හරහා ගැටළුකාරී තත්ත්වය ක්‍රීඩාව මතින් උත්සන්න කිරීමට දායකවීම පසෙකලා බංගලාදේශ සභාපතිවරයා මේ ආකාරයෙන් හැසිරීම ද වගකිම් සහගතයි.නැති වු සහ පළුඳු වූ හොඳ හිත යළි ගොඩ නඟාගන්නට දේශපාලනමය වශයෙන්ද ආදර්ශයක් දෙමින් බංගලාදේශ සභාපති අමිනුල් ඉස්ලාම් කරන ප්‍රකාශයද වැදගත් කොට සැළකිය යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...