සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වීමේ කිසිදු අදහසක් නෑ – විපක්ෂ නායක සජිත්

Date:

ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම පුවත්වල සඳහන් ආකාරයෙන් ඇමති තනතුරු හා වරප්‍රසාද ලබාගනිමින් ජනතාව ඇන්දවීමේ රඟපෑමක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන අතර එයින් රට ගොඩනැගීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඒ අනුව එවැනි බොරුවකට කිසිසේත්ම එකතු නොවන බව පැවසූ ඒ මහතා විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බවත් සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...