ආනයනික බිත්තර රුපියල් 35 ට සතොසෙන්

Date:

ඉදිරි සතියේ සිට ආනයනික බිත්තර සතොස ආයතනය හරහා වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ආනයනික බිත්තරයක් රුපියල් 35ක මිලකට සතොස හරහා අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම පසුගිය මාස කිහිපයක් තිස්සේ සිදු කෙරුණු නමුත් එම බිත්තර හෝටල් ඇතුළු කර්මාන්ත සඳහා විනා වෙළඳපොලට නිකුත් කිරීමක් සිදු කෙරුණේ නැත. නමුත් මේ වනවිට බිත්තර මිල අධික ලෙස ඉහළ යාම පිළිබඳ සලකා බලා මෙසේ ආනයනික බිත්තර සතොස සහ සුපිරි වෙළඳසැල් සඳහා නිකුත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව දෛනිකව බිත්තර ලක්ෂයක් එසේ වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

බිත්තර හිඟය සහ මිල අධික ලෙස ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය දැනට වසරකට පමණ ආසන්න කාලයක් තිස්සේ රටේ පවතින අතර තවමත් ඊට විසඳුමක් නැත. දැනට සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 60ක් පමණ වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...