මහින්ද ඉල්ලා අස්වුණේ නෑ. ළඟදීම ඔක්කොම එළියට දානවා – ජොන්ස්ටන්ගෙන් අනාවරණයක් (VIDEO)

පසුගිය අරගල සමයේ ආණ්ඩුව තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව ළඟදීම සම්පූර්ණ අනාවරණයක් සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“දැන් කියනවා අපි ඇමතිකම් දාලා පැනලා ගියාලු, හැංගිලා හිටියාලු, හැංගිලා ඉඳලා දැන් එළියට ඇවිල්ලාලු අපි … අපි කවුරුත් හැංගුණේ නෑ. අපි ඇමතිකම්වලින් ඉල්ලා අස්වුණේ නෑ. අපිට අස්වෙන්න කිව්වා. මහින්ද මහත්තයා ඉල්ලා අස්වුණේ නෑ, අස්වෙන්න කිව්වා. ඔය හැම දෙයකටම දශමෙට උත්තර දෙනවා ළඟදීම. වෙන වෙන අයගේ ක්‍රියාකලාපය දිහා අපි බලාගෙන ඉන්නෙ. අපි නිශ්ශබ්දව ඉන්නෙ මේ හැමදෙයක්ම රැකගන්න. මොක්කුද හිටියෙ, කොයි ව්‍යාපාරිකයාද, මොනවද කෙරුවේ, මොන නිලධාරියාද …. කවුරුහරි හිතනවා නම් අපි බයවෙලා හැංගිලා ඉඳියි කියලා, අපි එහෙම යටත් වෙන මිනිස්සු නෙවෙයි. ඒ නිසා තමයි මිනිස්සු අපට ආදරේ”

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාවතගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...