සමහරු බලා ඉන්නේ රට බංකොලොත් වෙනකල් – සාගල

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් රට බංකොලොත් වන තුරු බලා සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ දේශපාලනයට නොව රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ඔහු පවසයි.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් කොළඹ දී සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙතින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගත හැකි නමුත් එය රජයේ ප්‍රතිපත්තියක් කරගත නොහැකි බව ද ඔහු පෙන්වා දුන් අතර , මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක් මෙන්ම දියුණු සංචාරක ක්ෂේත්‍රයක් ඇති කිරීමේ අවශ්‍යතාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...