*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/24

  1. එළඹෙන බදාදා දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවීමට නියමිත බව වාර්තා වේ: 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, සහ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත මුලපිරීම් ඇතුළු වැදගත් කරුණු රැසක් මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.
  2. මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛතාවය ලබා දෙමින් අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දෙයි; මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමකින් සමන්විත කමිටුවක් පත් කරන බව ද පවසයි.
  3. විගණකාධිපති දෙපාර්තමේන්තුව, බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරයි: ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ මීට පෙර ඉහත විමර්ශනවලදී, ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න පවසයි: මහජන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පවසයි; ඖෂධ මිලදී ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳ වෙනම පරීක්ෂණයක් දියත් කරන බව ද පවසයි.
  4. තම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අවසරයකින් තොරව මාධ්‍යයට ප්‍රකාශ ලබා දීම වාරණය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය වෘත්තිකයන් හට පැනවූ චක්‍රලේඛයට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි විරෝධය: මෙමඟින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන බව පෙන්වා දෙති: අදාළ චක්‍රලේඛයේ, වෘත්තීය සමිති හෝ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගම්වලට අදාළව ආයතනික සංග්‍රහයේ සපයා ඇති ප්‍රතිපාදන පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති බව අවධාරණය කරති: මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන අතර, අදාළ චක්‍රලේඛය වහා අහෝසි කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිති.
  5. මෙරට ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වීමට ගිවිසුම් ගත වූ චීනයේ සිනොපෙක් (Sinopec) සමාගමේ පළමු ඉන්ධන තොගය රැගත් නෞකාව ලබන මස මුල දී දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසයි: ඉන්ධන මිල සූත්‍රය වෙනුවට උපරිම සිල්ලර මිලක් ලබාදීමට පියවර ගන්නා බවත්, එමගින් රටට වාසිදායක ඉන්ධන තරඟකාරීත්වයක් ඇති කිරීමට පියවර ගන්නා බවත් පවසයි: අගෝස්තු මස සිට මිල සූත්‍රය යටතේ සියලුම ඉන්ධන සමාගම් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව ද පවසයි.
  6. මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙක මිල සූත්‍රයක් අනුගමනය කළ යුතු අතර, එකම මිලට ගෑස් අලෙවි කළ යුතු බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි: මෙම අවශ්‍යතාවය උල්ලංඝනය කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන බවට අනතුරු අඟවයි: පෞද්ගලික ගෑස් සමාගම වන ලාෆ් ගෑස් සමාගම, රජයේ ගෑස් සමාගම වන ලිට්රෝ සමාගමට සමඟාමීව ගෑස් මිල අඩු කිරීමට කටයුතු කර නොමැති බව ද පවසයි.
  7. 1983 “කලු ජූලිය” ඇතුළු ශ්‍රී ලංකාවේ ජාතික සමඟියට බලපෑ සිදුවීම් රැසක් නිමිති කොට ගෙන සමාජවාදී තරුණ සංගමය සිවිල් ව්‍යාපාර රැසක් සමඟ විරෝධතාවයක් සහ සංස්කෘතික ප්‍රසංගයක් පවත්වයි: මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. බිමල් රත්නායක ඇතුළු පිරිසක් විසින් නායකත්වය දී තිබේ: මෙම විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.
  8. දුම්රිය රියදුරන්ගේ ගමන් වාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුකොට ගෙන දුම්රිය රියදුරන්ගේ සංගමය විසින් එළඹි වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා ඊයේ සහ අද දින දුම්රිය ගමන් රැසක් අවලංගු කර තිබේ.
  9. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ස්ථාපිත කළ නව මාර්ගගත ක්‍රමය භාවිතා කිරීමේදී දුර්වලතා රැසක් මතුව ඇති බව ආගමන/විගමන දෙපාර්තමේන්තුව පවසයි: ඇඟිලි සලකුණු නිසියාකාරව තැබීමට අසමත් වීම, ප්‍රමාණවත් පරිදි ජීව දත්ත ඉදිරිපත් නොකිරීම සහ අදාළ ලේඛන මාර්ගගතව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය නොකිරීම මේ අතර ප්‍රධාන බව පවසයි: මේ සම්බන්ධයෙන් මතුවන ගැටළු නිරාකරණය කර නිවැරදිව අයදුම්පත් යොමු කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  10. කුමන රජයක් බලයේ සිටිය ද, 2048 දක්වා කල් පිරෙන විට විදේශ ණය පියවීමට ශ්‍රී ලංකාව නීත්‍යානුකූලව බැඳී සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි: ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියන 36ක විදේශ ණය ගෙවීමට ඇති අතර, ඉදිරි වසර පහ තුළ කල් පිරෙන්නේ ඉන් 37%ක් පමණක් බව පවසයි: සමස්ත විදේශ ණයවලින් 51% ක් වසර 6-20 කින් කල් පිරෙන අතර ඉතිරි 12% වසර 20 කින් පසු කල් පිරෙන බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan