IMF කොන්දේසි 80% ක් සපුරා අවසන් – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා වන පාර්ලිමේන්තු ක්‍රියාවලියෙන් 80% ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

රජය පවසන්නේ, ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණදීමට හැකි වෙතැයි විශ්වාසය පළ කරන බවයි.

රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඔට්ටු හා සූදූ බදු සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසී ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් , ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුකූලවයි. වෙතත් සංශෝධිත ඔට්ටු හා සූදූ බදු පසුගිය අප්‍රේල් මාසයේ සිට බලාත්මක වන අතර  ලබන 8 වැනිදා හෝ 9 වැනිදා ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...