පළාත් පාලන ආයතනයන්හි පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරනවා – වක්කුඹුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් පාලන ආයතනවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් බව රජය පවසයි.

ඒ අනුව , පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බවත්
ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවත් ,පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

දැනට ඇති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බවයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.

ඒ සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ද, ලබාගන්නා බවත් , මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000 සිටිනා බවත් අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...