*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

වංචනික බිත්තර ගබඩාවක් වටලයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේ ගබඩාවක වංචනික ලෙස  පවත්වා ගෙන ගිය ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23) වටලනු ලැබීය.

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇති අතර තොරතුරු අනුව අදාළ ගබඩාව පිහිටි දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයට ඔවුන් ඊයේ රාත්‍රියේ වැටලීම් කර ඇත.

පරිභෝජනයට නුසුදුසු  බිත්තර පෙට්ටි 100කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සොයාගෙන ඇති අතර , බිත්තර අලෙවිකරුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මුහුණුපොත හරහා ලබාගත් දුරකථන අංකයකින් සම්බන්ධවී ඉන්දියන් බිත්තර ලබාගෙන එහි මුද්‍රා මකා දමා වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සුදානම්ව සිටි බවයි .

තව දුරටත් ඔහු පවසා ඇත්තේ බිත්තරයක මුද්‍රා මැකීමට රුපියල් 4ක මුදලක් වැයවන බවයි .බිත්තර නරක්වී තිබීම නිසා ඇතැම් වෙළෙඳසැල්වලින් තමන්ට පහරකෑමට ද සිදුවූ බව අදාළ අලෙවිකරුගෙන් බිත්තර මිලදී ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවියට රැගෙන ගිය තරුණයින් කිහිපදෙනෙකුද මෙහිදී ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan