වංචනික බිත්තර ගබඩාවක් වටලයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේ ගබඩාවක වංචනික ලෙස  පවත්වා ගෙන ගිය ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23) වටලනු ලැබීය.

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇති අතර තොරතුරු අනුව අදාළ ගබඩාව පිහිටි දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයට ඔවුන් ඊයේ රාත්‍රියේ වැටලීම් කර ඇත.

පරිභෝජනයට නුසුදුසු  බිත්තර පෙට්ටි 100කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සොයාගෙන ඇති අතර , බිත්තර අලෙවිකරුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මුහුණුපොත හරහා ලබාගත් දුරකථන අංකයකින් සම්බන්ධවී ඉන්දියන් බිත්තර ලබාගෙන එහි මුද්‍රා මකා දමා වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සුදානම්ව සිටි බවයි .

තව දුරටත් ඔහු පවසා ඇත්තේ බිත්තරයක මුද්‍රා මැකීමට රුපියල් 4ක මුදලක් වැයවන බවයි .බිත්තර නරක්වී තිබීම නිසා ඇතැම් වෙළෙඳසැල්වලින් තමන්ට පහරකෑමට ද සිදුවූ බව අදාළ අලෙවිකරුගෙන් බිත්තර මිලදී ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවියට රැගෙන ගිය තරුණයින් කිහිපදෙනෙකුද මෙහිදී ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

2026 ප්‍රජා ශක්ති වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් දැවැන්ත මුදලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම වෙනුවෙන් යන...

2026 වසරේ ප්‍රමුඛතම LifeStyle එක Hot take dating…

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2026 වසරේ ප්‍රමුඛතම...