වංචනික බිත්තර ගබඩාවක් වටලයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේ ගබඩාවක වංචනික ලෙස  පවත්වා ගෙන ගිය ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23) වටලනු ලැබීය.

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇති අතර තොරතුරු අනුව අදාළ ගබඩාව පිහිටි දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයට ඔවුන් ඊයේ රාත්‍රියේ වැටලීම් කර ඇත.

පරිභෝජනයට නුසුදුසු  බිත්තර පෙට්ටි 100කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සොයාගෙන ඇති අතර , බිත්තර අලෙවිකරුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මුහුණුපොත හරහා ලබාගත් දුරකථන අංකයකින් සම්බන්ධවී ඉන්දියන් බිත්තර ලබාගෙන එහි මුද්‍රා මකා දමා වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සුදානම්ව සිටි බවයි .

තව දුරටත් ඔහු පවසා ඇත්තේ බිත්තරයක මුද්‍රා මැකීමට රුපියල් 4ක මුදලක් වැයවන බවයි .බිත්තර නරක්වී තිබීම නිසා ඇතැම් වෙළෙඳසැල්වලින් තමන්ට පහරකෑමට ද සිදුවූ බව අදාළ අලෙවිකරුගෙන් බිත්තර මිලදී ගෙන කොළඹ ප්‍රදේශයට අලෙවියට රැගෙන ගිය තරුණයින් කිහිපදෙනෙකුද මෙහිදී ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...