*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

සංචාරක පැමිණීම සුබයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා අනුව, මේ වසරේ ජනවාරි සිට ජූලි 20 දක්වා ගතවූ කාලය තුළදී දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය හත් ලක්ෂය (700,000) ඉක්මවා ඇති බවයි.

මෙලෙස සංචාරක කර්මාන්තය නැවත සක්‍රීය ව්න මොහොතේ , ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

කවුඩුල්ල ජාතික වන උද්‍යානය නැරඹීම සඳහා මේ දිනවල පැමිණෙන දෙස් විදෙස් සංචාරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ , 2023 ජනවාරි සිට ජුලි මස 20 වනදා දක්වා දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 714,598 ක් වන අතර, ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 89,724 දෙනෙකු පැමිණ ඇති බවයි.

2022 වසරේ ජුලි මාසය පුරා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 47,293ක් වන අතර, ඒ හා සැසඳීමේදී මේ වසරේ ජූලි මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති අයුරු දැකගත හැකිය.

2022 සමස්ත වසරටම මෙරටට පැමිණි සංචාරකයන් ගණන 719,978ක් වෙද්දී මේ වසරේ ජූලි මාසයේ 20 වනදා වන විට පමණක් පැමිණි සංචාරකයන් ගණන හත් ලක්ෂය ඉක්මවීම විශේෂත්වයකි. මන්ද තවමත් 2023  වසරේ ගතවී ඇත්තේ අඩක් පමණක් බැවිනි.

ජූලි මස වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර එක්සත් රාජධානිය සහ චීනය එම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථානයන් ගනී.

මේ අතර, මත්තල ගුවන් තොටුපොළ වෙත මේ වසරේ ජනවාරි මස සිට අද දක්වා පැමිණ ඇති සමස්ත රුසියානු සංචාරකයන් ප්‍රමාණය 34,164ක් බව වාර්තා වී ඇති අතර , ඉන්දියාවේ ‘එම්ප්‍රෙස් ඔෆ් කොඩෙලියා’ මගී ප්‍රවාහන සංචාරක නෞකාව පසුගිය ජුනි මසදී සිව් වතාවක් හම්බන්තොට වරායට පැමිණීමෙන්, සංචාරකයන් 2618 දෙනෙකු මෙරටට රැගෙන ආ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය තොරතුරු මාර්ග පවසයි .

චෙන්නායි වරායේ සිට මෙම සංචාරක නෞකාව කන්කසන්තුරේ,ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ කොළඹ, වරායන් වෙත පැමිණෙන අතර, නෞකාවෙන් හම්බන්තොටට පැමිණි සංචාරකයන් දියලුම ඇල්ල, යාල, උඩවලව සහ බූන්දල වනෝද්‍යාන ඇතුළු සංචාරක ආකර්ෂණිය ස්ථාන වෙත කෙටි සංචාර සඳහා පිටත්ව යන බව සංචාරක තොරතුරු අනුව පෙනී යයි.

කවුඩුල්ල ජාතික වන උද්‍යානය නැරඹීම සඳහා මේ දිනවල පැමිණෙන දෙස් විදෙස් සංචාරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර , එම සංචාරකයන්ට වන උද්‍යානයට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා ඇත්තේ, එක් ප්‍රවේශපත්‍ර කවුළුවක් පමණක් වන අතර ඉන් සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කණගාටුවට කරුණකි.

සංචාරකයෝ ඒ පිළිබඳ කණගාවෙන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ සංචාර සඳහා වෙන් කරගෙන ඇති සිය වටිනා කාලය මෙම සුළු හේතූන් නිසා ඔවුන්ට අහිමි වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan