මිනිස්සුන්ගේ ජීවිත අදාළ නැහැ.ඇමති කෙහෙළියට වැදගත් වෙන්නේ මිනීපෙට්ටි සාප්පු!

Date:

කොළඹ LNW: සෞඛ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය වන්නේ මිනී පෙට්ටි සාප්පු ටික හොදට පවත්වාගෙන යාම මිස රෝහලට එන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.

ඇමතිවරයා පවසන තුරු මිනී පෙට්ටි සාප්පු අයත් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව දන සිටියේ නැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වූ ඖෂධ පාතාලයක් තිබෙන බව හෙතෙම ප්‍රකාශ කළ අතර ඒ ගැන හෙළිදරව් කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

”බාල බෙහෙත් ගෙනල්ලා දීලා මිනී පෙට්ටි සාප්පු මගින් අවසන් කටයුතු ටිකත් කරා ඇමතිවරයාට ඕන මිනී පෙට්ටි සාප්පු ටික හොඳට තියාගන්න මිසක් රෝහල්වල බෙහෙත් ටික දීලා ජනතාව නිරෝගීව තියාගන්න නෙමෙයි. ඒ නිසා මේ බෙහෙත් ජාවාරමේ බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා. සෞඛ්‍යය අමාත්‍යාංශය එක්ක සම්බන්ධ වෙච්ච බෙහෙත් සම්බන්ධව පාතාලයක් තියෙනවා කියලා අපිට දැන් දැනගන්න ලැබිලා තියෙනවා. පාතාලය මොකද්ද කියලා අපි ඉදිරියේදී මාධ්‍යයට හෙළිකරනවා.රටේ ජනතාවට හරීන් ප්‍රනාන්දු,මනුෂ නානායක්කාරලා කියපු දේවල් තිත්ත වෙලා තියෙන්නේ ඒගොල්ලො පැනල ගිය අය. රාජපක්ෂලාගේ ඔඩොක්කුවට ගිය අය වගකීම දරාගන්න. සජිත් ගැන අපි බලා ගන්නම්. ජනතාව බලා ගනිවි. හරින් ප්‍රනාන්දුට පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයාලව ඉතින් අයින් කරලානේ අයින් කරපුවහම එහෙම තමයි.ජනාධිපති සටනට අපි සුදානම්. දැන් එමු සටනට අපිත් කඩුව අරන් එන්නේ බලමු කොහොමද දිනන්නෙ කියලා. රනිල් පොහොට්ටුව 134න් ජනාධිපති වුණා මිසක් ජනතාවගෙ ජන්දෙන් නෙමෙයිනෙ ජනාධිපති වුණේ.”යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කරුණු දැක්වීය.

ඔහු මෙම අදහස් පළකළේ අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...