බංග්ලාදේශයේ ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් 170කට අධික පිරිසක් මිය යයි

Date:

රටතුළ පවතින අධික වර්ෂා සහගත කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට ඩෙංගු රෝගය අතිශය බරපතල ලෙස ව්‍යාප්තව ඇති අතර මේ වන විට 170ක ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. මිලියන 170ක ජනගහනයක් සිටින බංග්ලාදේශ්හි සෞඛ්‍ය අංශ වි‍ශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ වන විට ඩෙංගු තත්වය රටතුළ වසංගත තත්වයක් දක්වා උත්සන්නව ඇතිබවයි.

රටතුළ පවතින අධික වර්ෂා සහගත කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට ඩෙංගු රෝගය අතිශය බරපතල ලෙස ව්‍යාප්තව ඇති අතර මේ වන විට 170ක ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

මිලියන 170ක ජනගහනයක් සිටින බංග්ලාදේශ්හි සෞඛ්‍ය අංශ වි‍ශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ වන විට ඩෙංගු තත්වය රටතුළ වසංගත තත්වයක් දක්වා උත්සන්නව ඇතිබවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් (DGHS) තහවුරු කර තිබුණේ, මේ වන විට පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් ඇති බවත් ඉන් 31 දෙනෙකු වයස අවුරුදු 14ට අඩු බවයි. එමෙන්ම මේ වන විට ඩෙංගු ආසාදනය වීම හේතුවෙන් 33,000කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවත් තත්වය තවත් වඩාත් නරක අතට හැරෙමින් පවතින බවත්ය.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...