ඔව්! ලංකාවේ බාල බෙහෙත් තිබෙනවා – සමන් රත්නප්‍රිය

Date:

කොළඹ LNW:මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් මෙන්ම ඖෂධ හිගයක් තිබෙන අතර එය සැඟවීමට නොහැකි බවත් එසේ නොවන බවට කිසිවෙකුට හෝ පැවසිය නොහැකි බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ආර්ථික අර්බුදය සම්පුර්ණයෙන් පහව ගොස් නැති අතර ඖෂධ ගෙන්වූ අයට රු.බිලියන 500ක් ගෙවීමට තිබුණ බවයි රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ.

මේ අතර ඉදිකිරීම් සිදුකළ අයට රු.මිලියන දෙසීයක් ගෙවීමට තිබුණ බවත් ඔහු කියාසිටියි.

”බාල බෙහෙත් ගෙනල්ලා රටේ පාවිච්චි කරනවා කියනවා. කොහොමත් ලංකාවෙ බාල බෙහෙත් තියෙනවා. බාල බෙහෙත් ලංකාවට එනව තමා. ගිය අවුරුද්දෙ අපි බාල බෙහෙත් ගේන එක වළක්වා ගත්‍තා නැත්නම් මීට වඩා මැරෙන්න තිබුණ. මේ එකක් දෙකක් අල්ලන් කතා කරනවා. මැරුනෙ ඇයි කියලා දන්නෙ නැතිව කතා කරනවා. කළුතර සිද්ධිය සහ කුඩා ළමයගෙ මරණය සම්බන්ධව උලුප්පලා දැක්කුවා. ඒක එචචර හොද තත්ත්වයක් නෙමෙයි.”

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම පිළිබඳව නිකුත්කර තිබෙන චක්‍රලේඛය පිළිබඳව රත්නප්‍රිය මහතා කරුණු දක්වා සිටියි.

‘සෞඛ්‍යය අමාත්‍යාංශය මේ ගහපු පළමුවෙනි චක්‍රලේඛනය නෙවෙයි. මේ තුන්වනඅවස්ථාව. ඕක අලුත් නීතියක් නෙමෙයි. අනුමැතියක් අරන් තමා කොහොමත් ප්‍රකාශ කරන්න පුලුවන්. මම කියන්නෙ වෘත්තීය සමිති හා පාලකයෝ වගකීමෙන් හැසිරෙන්න ඕන. මේ දේශපාලන රැල්ලක් හදන්න හදන්නෙ කෘතීම දෙශපාලන රැල්ලක්.”

මේ අතර සෞඛ්‍යය අමාත්‍යවරයා හිතමතා වැරැද්දක් කර ඇත්නම් විශ්වාසභංගයක් ගෙන ඒම ප්‍රශ්නයක් නොමැති නමුත් දැන් ගෙන ඒමට සැරසෙන විශ්වාසභංගයෙන් වැඩක් නැති බවයි හෙතෙම සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...