*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

බෙදීමක් ගැන මම දන්නෙ නෑ, අපේක්ෂකයො ගොඩක් ඉන්නවා. ධම්මික පෙරේරාත් ඉදිරියෙන්ම ඉන්නවා – නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයට දින නියම කරමින් මැතිවරණ කොමිසම ඔවුන්ගේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් කී තැනකට බෙදිලාද ඉන්නෙ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඔබතුමාලාගේ මන්ත්‍රීවරු ?

“මන්ත්‍රීවරුන් බෙදිච්චා පිළිබඳව මම දන්නෙ නෑ. හැබැයි මත බොහොමයක් තියෙනවා. මොකද අපේක්ෂකයො වැඩියිනෙ. කලින් එක්කෙනෙක්වත් නෑ කියලානෙ කිව්වෙ. දැන් අපේක්ෂකයො ගොඩක් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒ හැමෝම පිළිබඳව අපි අධ්‍යනය කරනවා”

ප්‍රශ්නය – දැන් ධම්මික පෙරේරා ඉන්නවාද ඔය නම් ලිස්ට් එකේ ?

“එතුමාත් ඉන්නවා. එතුමාත් ඉදිරියෙන්ම ඉන්නවා. ධම්මික පෙරේරා මහත්තයා ඉන්නවා, තව ව්‍යවසායකයො ඉන්නවා, තව කැබිනට් එකේ අයත් ඉන්නවා. මොකද මේ කැබිනට් එකේම අපේක්ෂකයො දෙන්නෙක් ඉන්නවානෙ, ජනාධිපතිතුමායි තව කෙනෙකුයි. ඉතින් අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගමු”

ප්‍රශ්නය – ඇයි මේ රනිල් මහත්තයා එක්කම යන්න බැරි ? එහෙම ගියොත් හොඳයි කියලා කට්ටියක් කියනවා ?

“අපි ගත යුත්තේ රනිල් මහත්තයාට හොඳ තීන්දුවවත් නාමල් රාජපක්ෂට හොඳ තීන්දුවවත් නෙවෙයි, රටට හොඳ තීන්දුව. ඒ හින්දා අපි පක්ෂයක් විදියට අපේ පාක්ෂිකයා ආරක්ෂා කරන්න පුළුවන් රටට හොඳ තීන්දුව ගන්නවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (24) කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan