විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000 ක මාසික දීමනාවක්

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000 ක මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට අදාළ දීමනාව ගෙවීමට නියමිත බවයි අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ.

“රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳන්න තමයි කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා”

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...